ආරාබි වෙදකමත්, ආයුර්වේද වෙදකමත්. සිංහල වේදකමත් හදාරා මිශ්‍රකර පර්යේෂණ සහ ප්‍රතිකාර ක්‍රම මගින් බිහිකල සාර්ථක වෙද හෙදකම් රෝගීන් සුවපත් කරන පාරම්පරික වෛද්‍ය අල්හාජ් එම් එම් එම් ඉර්ෂාඩ් නම් මුසල්මානි මහා වෙදැදුරු පිලිබද මව්බිම හරියටම පුරා වසර දෙකක් තොරතුරු සොයා බැලීමක යෙදිණි.
එම කාලයේ පෞද්ගලික ප්‍රථිකාර මෙන්ම ප්‍රතිකාර ගනු ලැබූවන් ගැන පසු විපරමක යෙදෙමින් සාක්ෂාත් කර ගනු ලැබූ තොරතුරු මත පිහිටා මෙම මහා වෙදැදුරු ඔබට හඳුන්වා දෙන්නට මව්බිම ගන්නා උත්සාහය මත ඔබට මහා වෙදැදුරු සතියේ දින 6ක් අවිස්සවේල්ල තල්දූව පාරම්පරික ඖෂධාලයේදීති සිකුරාදා දින පමනක් රත්න පුර ධර්මපාල මාවතේ අංක 8 හි පාරම්පරික ඖෂධාලයේදීත් හමුවිය හැකිය.
මගේ මීමුත්තා දක්ෂ වෙදදුරෙක් . ඒ දක්ෂ කමට එකතු වෙච්ච දෙයක් තිබුණා. ඒ අත්දැකීම්. ඉස්සර වෛද්‍යවරු බෙහෙත් කලේ අවට පරිසර සාධකත් එක්ක. ඒ වෙද ක්‍රමය ඇතුලේ තිබුනා දවසේ කාලනියමයන්. ඒ උදේ, දවල්, සවස, රාත්‍රී කියලා. මැදියම පෙරයම ඒකට ඇතුලත්.
පැරණි වේද පරපුරේ වෛද්‍ය ක්‍රමය එක්ක බැඳිලා තිබුනු දෙයල් තමයි විශ්වයේ රටාව. ඒ රටාවට ඉර, හඳ, තරු වගේම නැකත් රටා ඇතුලත් උනා. මේක තමයි මේ පොලවේ, ගස් වැල් , මල්, පොතු, මුල් වලින් පෙරලා හින්ඳලා ගන්න බෙහෙත් සාරය. මේ බෙහෙත්වල කිසි වසක් නෑ. විසක් නෑ. පොලවට සම්බන්ද වෙච්ච පැලෑටියක, ගසක, මුල් පද්ධතිය මේ පොලවේ සාරය උරා ගෙන ගස්වලට ලබා දෙනවා. අද පස්පංගුව, දස පංගුව කියලා කොටස් කරල තියෙන්නේ මෙන්න මේ ස්වභාදහමේ ඖෂධීය සාරය. නමුත් ඇත්ත කථාව ස්වභාදහමේ ඖෂධීය ගුනය මේ වගේ පංගුවලට බෙදන්න බෑ.
මගේ මී මුත්තා පලමු වැනි සීතාවක රාජසිංහ රජුගේ බිසවට ප්‍රථිකාර කලේ මේ හෙලබිමේ ඖෂධ වර්ග යොදා ගෙන. අරාබි වේදකමයි දේශීය ඖෂධ වර්ගයි එකිනෙකට පෑහුනා. ඒ තමයි වෙදකමේ හාස්කම.
මීමුත්තාගේ ප්‍රථිකාර වලින් රජ බිසව සනීප උනා. රජ බිසව අවුරුදු ගනනක් වින්ඳ දුක් පීඩා වලින් නිදහස් උනා. පලමු වැනි සීතාවක රාජසිංහ රජුට සතුටක් දැනුනා. අපේ පරපුරේ ලියවෙලා තියෙන රාජකීය කථාවට අනූව රජතුමා මී මුත්තාගෙන් ඉල්ලිමක් කරලා තියෙනවා. ඒ ආපහු මීමුත්තාගේ මව් රටට, අරාබියට නොගිහින් ලංකෑඅ පදිංචි වෙලා ලංකාවේ රෝගීන් සුවපත් කරන එක. මී මුත්තාට රජුගේ මේ ඉල්ලිම අහක දාන්න බැරි උනා. මී මුත්තා කැමැත්ත දුන්නා.
එතැනදී රජතුමා මෙහෙම දෙයක් කරල තියෙනවා. ඒ කාලෙත් අද වගේම තමයි. සිංහල කාන්තාවෝ ඉතා රූමත්. මේ කථාව රාහුල හාමුදුරුවෝත් වදාරලා තියනවා. අපේ සිංහල සංදේශ කාව්‍ය ඒකට හොද උදාහරන සපයනවා. එතැනදී රජතුමා ලස්සන සිංහල කාන්තාවන් ගොඩක් දෙනා ගෙන්නලා තියෙනවා. ඒකාලේ සිංහල කාන්තාවන්ට උරුම ඇඳුමින් පැලදුමින් සරසවලා පෙරහරකින් තමයි ගෙන්නාලා තියෙන්නේ. රාජ සභාවට ගෙන්නපු මේ සිංහල කාන්තාවෝ මගේ මී මුත්තාට මුන ගස්සලා තියනවා. එහෙම කරලා රජතුමා කියලා තියෙනවා කැමති ස්ත්‍රියක් වෙත් නම් කියන්න . රජතුමා සරණ මංගල්ලය කරන්නම් කියලා. මේ රජතුමාගේ ඉල්ලීමක් විතරක්ම උනේ නැහැ. රාජ අනක් වෙලා තිබුනා.
පරම්පරා ගත තොරතුරු අනූව මී මුත්තා ඒ වෙන කොට සරණ බන්දනයකට ඇතුලත් වෙලා ඉදලා නැහැ. රජතුමාගේ තීරනයට ගරු කරලා මී මුත්තා ඒක් සිංගල කාන්තාවකට කැමැත්ත දීලා තියෙනවා. එතැනදී රජතුමා ඒ කාන්තාවගේ කැමැත්තත් බලලා සරණ මංගල්ලය කරලාදීලා තියෙනවා. තොරතුරු වල හැටියට ඒ මංගල්ලය රාජකීය විදිහට තිබිලා තියෙනවා.
රජතුමා මේ නව යුවලට තෑගි විඳිහට සන්නස් පත්‍රයක් පිරිනමලා තියෙනවා.  ඒ දැන් මේ ඉන්න තල්දූව ප්‍රදේශයෙන් ඉඩකඩන් විශාල ප්‍රමානයක්. මේ ඉඩ කඩන් පිරිනමපු සන්නස අද නුවර දලඳා මාලිගවේ ආරක්ශා කරලා තියෙනවා. එතැනදී රජතුමා තවත් දෙයක් කරල තියෙනවා. ඒ තමයි අරාබිජාතික මගේ මී මුත්තාට රාජකීය පෙලපත් නාමයක් ලබා දීම. ඒ විදිහට ලබා දුන්න පෙලපත් නාමය උනේ සිංහල නාමයක් . ඒ තමයි “රාජ්‍ය වෛද්‍යසේකර දූවේගොඩ රණසිංහ මුදුයන්සේලාගේ” කියන සිංහල පෙළපත් නාමය.
මේ මුසල්මානී අපට ” මරක්කල” කියන නම ලැබුනේ ලාංකාවෙන්මයි. අපේ අය ලංකාවට ආවේ වෙළඳාමට. ඒ ආපු ගමනේදී තමයි මේ දේ උනේ. මේකථාවත් එක්කම තවත් ලංස්සන කථාවක් තියෙනවා. ඒකථාව මෙහෙමයි.
රජතුමාට මාරක අපලයක් තිබිලා තියෙනවා. ඔය අතරෙදි රජතුමා මේ අපලෙන් බේරා ගන්න හදපු කට්ටිය අතරේ අපේ මුස්ල්මානි කාන්තාවකුත් ඉදලා තියෙනවා. එතැනදී ඒ කාන්තාව රජතුමාට තිබිච්ච මාරක අපලෙන් බේරගෙන තියෙනවා. රජතුමා බේරලා දුන්නට ඒ කාන්තාවට බෙරෙන්න බැරිවෙලා තියෙනවා. ඒයා මැරිලා තියෙනවා. රජ්ජුරුවන්ට තමන් බේරුන හින්දා සතු‍ටුයි. ඒ උනාට තමන්ගේ ජීවිතේ බේරපු මේ මුසල්මානි කාන්තාව මැරුණ හින්දා දුක හිතිලා තියෙනවා. එතෙනදී ඒ කාන්තාවගේ ඇගෙන් ගිය ලේ වලින් ටිකක් අතට අරගෙන රජතුමා ඇගේ ගාගෙන තියෙනවා. ඒ ගෞරවයක් විදිහට. ඒ විදිහට ගාගත්තු රජතුමාට එකපාරටම කියවිලා තියෙනවා “මාර උකු ලේ” කියලා. ඊට පස්සේ තමයි මුසල්මානි අපේ පරපුරට “මරක්කල” කියලා නම හැදිලා තියෙන්නේ.
-මව්බිම පුවත් පතින් උපුටා ගන්නා ලදී..
=========================
මේතැනදීත් රජතුමා අපේ අයට තෑගී දීලා තියෙනවා. හැබැයි අපේ අය ඒවා බාරාරගෙන නැහැ. ඊලගට රජතුමා මෙහෙම කියලා තියෙනවා.උඹලා අඩු කුලේ අය කියලා. ඒ උනාට  කමක් නැහැ. මන් දැන් ගෙන්වනවා. රෝඩී කුලේ ගෑනුයි, රජ පරපුරේ ගෑනුයි. එකම විඳිහට ඇඳුම් ඇන්දවලා. උඹලා නැමති ගෑනු ‍තෝරා ගනිල්ලා කියලා. එතැනදී ඒකට කැමති වෙච්ච අපේ අය රජ පවුලෙ කාන්තාවෝ කසාද බැදගෙන ලංකාවේම ජීවත් වෙන්න තීන්දු කරලා තියෙනවා. එතැනදීත් රජ්ජුරුවෝ සිංහල පෙල පත් නම් දීලා තියෙනවා. අදටත් ඒ නම් එහෙමම තියෙන පරපුර ඉන්නවා. ඒ නම් තමයි කළුලියන ලේකම්ලාගේ යුහුස් ලෙබ්බේ අබ්දුල් හව්සර් රාජ  වෛද්‍ය මොහන්දිරම් පලේ කුඹුරේ වෛද්‍යතිලක, රාජකරුනා ගෝපාල මුදියන්සේලාගේ තවු‍ෆික්, වාගේ නම් මේ තල්දූවේ විතරක් නෙමේ ගල්ල, වැලිගම, වාගේ පලාත්වල  මේ නම් තියෙන අය අදටත් පදිංචිවෙලා ඉන්නවා.
මේ තමයි අපේ පරපුරේ අනෙක් කථාව. මේ කථාව වගේම අපේ වෙදකමත් අදටත් ප්‍රසිද්ධයි. පිටරටවල විශේෂයෙන්ම අදටත් අරාබියේත් වාගේම මාලදිවයිනෙත් මංගාවට ඇවිත් බෙහෙත් ගන්න රෝගීන් ඉන්නවා.
පරපුරේ වෛද්‍ය ක්‍රමය වෙන්නේ සර්වාංග රෝගීන්ට ප්‍රථිකාර කිරීම. ඒ සර්වාංග රෝගයන් අතර තියෙනවා විශේෂ රෝග කිහිපයක්. ඒ ආතරයිටීස්, අංශභාග, මුත්‍රා ගල්, දරුපල ලාබාදීම්, ඉත්‍රී රෝග, පීනස, ඇඳුම, වාත රෝග, ලමා රෝග, රුධිර පීඩනය, අර්ශෂ්, සේංගමාලය, දියවැඩියාව වාගේ රෝග කිහිපයක්.
බටහිර වෙදකමට වැඩිය මේ සිංහල වෛද්‍යක්‍රමය වෙනස්. බටහිර වේදකමේ යන්නේ නියමිත ක්‍රමයට එක පිලිවෙලකට හැඩ ගැහුනු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රමයක්. නමුත් සිංහල ආයුර්වේද ක්‍රම එතැනදී ගන්නේ වෙනස් ක්‍රමයක්. අනිත් කාරනය තමයි බටහිර වේදකමේ වාගේ සිංහල ආයුර්වේද ක්‍රමය ඇතුලේ තියෙන්නේ බෙහෙත් වර්ග විතරක් වීම. මේ බෙහෙත් වලට පිටින් කිසිම අමතර දෙයක් එකතුකරලා නැහැ. ඒක තමයි පරම්පරික වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂනය. ඒ අතුරු ආබාධ නොමැතිවීම. රෝගයට අදාල බෙහෙත විතරක් දීමට තියෙන හැකියාව. රෝගයේ මුල හොයා ගෙන ගිහින් මුලින්ම උදුරලා දැමීම. අතුරු ආබාද නොමැති වීම .
පාරම්පරික ක්‍රමයේ තියෙන විශේෂ ප්‍රථිකාර ක්‍රමය තමයි “යෝග ක්ෂාය” රෝගියාට ලබා දීම. රෝගියෙකුට ඇති වෙච්ච අසනීපයකදී රෝගියා පරීක්ෂා කරලා ඒ රෝගයට අදාල ඖෂධ හොයලා බලලා යෝග කරලා රොගියාට ලබා දීම තමයි මෙතැනදී කරන්නේ. මෙතැනදී කලින් හදලා තියා ගත්ත බෙහෙත් වර්ග මොනවත් දෙන්නේ නැහැ. එවලේ බොහෙත් හොයල ඒ වෙලාවෙම රෝගියාට ලබා දෙනවා. මේ ප්‍රථිකාර ක්‍රමය තමයි අදටත් අපි කරගෙන යන්නේ.
මේ යෝග කියන්නේ මිශ්‍ර කිරීම. හඳුනගත්තු රෝගයට ගැලපෙන විඳිහට ඒ ඒ ඖෂධ වර්ග මිශ්‍රකරලා අවශ්‍ය ප්‍රමාන වලින් රෝගියාට ලබා දීම.
මේ ප්‍රථිකාර ක්‍රමයට අමතරව තවත් තියෙනවා වට්ටෝරු කෂාය. මේ වට්ටෝරු කෂාය වලට කියන්නේ “ශ්ලෝක” කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රථිකාර ක්‍රමය තියෙන්නේ ශ්ලෝකවලින්. රෝගියා ගැන විස්තර , රෝගය, රෝග ලක්ෂන , ප්‍රථිකාර ක්‍රම, ප්‍රථිකාර කරන්න ඔන විදිහ මේ ශ්ලෝකවල තියෙනවා. මෙතැනදී රෝගියාට දෙන්නේ ශ්ලෝක කෂාය. ඒ කියන්නේ වට්ටෝරු කෂාය. මෙතැනදී අමතක කරන්න හොද නැහැ ඔනම රෝගයකට මේ යෝග ක්ෂායන් , වට්ටෝරු කෂායෙන් ප්‍රථිකාර තියෙනවා කියන කාරනය. දක්ෂ පලපුරුදු අත්දැකීම් තියෙන වෛද්‍යවරුන්ගෙ  යුතුකම වගකීම වන්නේ තමන් ලගට ප්‍රථිකාර ගන්න ආපු රෝගියා පරික්ෂා කරලා රෝගියාට දෙන්න ඔනේ වෙන්නේ මොන කෂයද කියන එක තීර්නය කිරීම. ඒ තීරනය වෙන්නේ යෝග කෂාය දිය යුතු රෝගියාට යෝග කෂාය ලබා දීම. වට්ටෝරු කෂාය දිය යුතු රෝගියාට වට්ටෝරු කෂාය ලබා දීම. වට්ටෝරු කෂාය දෙන්න ඔනේ රෝගියාට යෝග කෂායත් යෝග කෂාය දෙන්න ඔනේ රෝගියාට වට්ටෝරු කෂාය දීමත් වැරදී වෛද්‍ය ප්‍රථිකාරයක්.
දක්ෂ පල පුරුදු වෛද්‍ය වරයා ඉස්සේල්ලම කරන්නේ රෝගියාගේ නාඩිබලන එක. මේ නාඩි බැලීමෙන් වෛද්‍ය වරුන්ට රෝගය ගැන සම්පූර්න වාර්ථාවක් ලැබෙනවා. ඒ වාර්ථාව ලැබෙන කොටම ඒ වාර්ථාවේ තියෙන ලෙඩ රෝග මොනවද කියලා වෛද්‍ය වරයට දැන ගන්න පුලුවන්. ඒ වගේම තමයි රෝගයේ ඉතිහාසය, රෝගය ආරම්භ උනේ කොහොමද තියෙන රෝගයේ අමාරුකම් , රෝගය ඉදිරියට අඩු වැඩි වෙන හැටි. රෝගය හින්දා ජීවිතය තියෙන අනතුරු දායක තත්වය ගැන වැටහීමක් වෛද්‍යවරයාට ලැබෙනවා. වෛද්‍ය වරයාට දැන ගන්න ලැබෙන ඒ තොරතුරු එක්කම ඒ රෝගයට සම්බන්ද ශ්ලෝකය වෛද්‍යවරයාට මතක් වෙනවා.
ඒ මතක් වෙන ශ්ලෝකයේ තමයි සම්පූර්න ප්‍රථිකාර ක්‍රමය තියෙන්නේ. මේ හැම දෙයක්ම මම කටපාඩම් කරගෙනයි තියෙන්නේ. ඒවාගේම තමයි මම හැම තිස්සේම මගේ ලග තියෙන රෝග ප්‍රථිකාර ගැන ලියපු පුස්කොල වෛද්‍ය පොත් බලන එක. මෙතැනදී මම මෙහෙම දේකුත් කරනවා. රෝගියාගේ නාඩි අල්ලලා බලලා රෝග විස්තරය කියලා. පුස්කොල පොත අරගෙන ඒ ගැන තියෙන ශ්ලෝකයක් කියලා දෙනවා. මම එහෙම කරන්නේ  එක හේතුවක් උඩ. ඒ මම බෙහෙත් දෙන්නේ රෝගියාගේ ඇගට විතරක් නොවන හින්දා. මම  රෝගියාගේ මනසත් සුවපත් කරනවා.
එක පාරක් මංගාවට ආවා වයස් ගත රෝගියෙක්. ඒ රෝගියාට තිබුනේ වාත රෝගයක්. ඒක විශේෂ උනේ ඇගේ පැත්තක් පන නැති වාත රෝගයක් උනු හින්දා. මම ලෙඩේ අඳුන ගත්තා. ඒ ලෙඩේට ඔනෑ කරන ශ්ලෝකය මතක් උනා. මම ඒ ශ්ලෝකය ඒ වයස්ගත රෝගියාට ඇහෙන්න කීවා. කියලා ඒකේ සිංහල තේරුමත් කියල දුන්නා. මං දැන ගත්තා ඒ වෙලාවේ රෝගියාගේ සිතට ඒක සනීපයක් කියලා. මං හිතුවා වගේම රෝගියාත් ඒ දේම කිව්වා. මේ තමයින් ඒ රෝගයට අදාල එක් ශ්ලෝකයක්.
දත්ති මුලා, බලා සන්ත්‍රි , කෝරන්දයි, දේවදාරුභී.  මේ ශ්ලෝකයේ තියෙන්නේ බෙහෙත් වර්ග. ඒ දැත්ත අල , බැබිල මුල්, දේවදාර වාගේ ඖෂධ. මේ ශ්ලෝකවලට තියෙනවා. ඒ ඒ රෝගයට, රෝගියාගේ වයස අනූව , දෙන්න ඔනේ බෙහෙත් ප්‍රමානයන්.
මාත්‍රාවක් හොඳ වෛද්‍යවරයෙකුට කවදාවත් ඒ වෛද්‍ය නියමයෙන් පිටට පනින්න බෑ. ඒ වගේම තමයි බෙහෙත්වලට එකතු කර ගන්න ඔනෑ ඖෂධීය ගුනය තියෙන ද්‍රව්‍ය එයින් එකක් තමයි “මධුමෝ ප්‍රනීතං” කියන ශ්ලෝකය . මෙකෙන් කියන්නේ මීපැනි ගන්න කියලා.
රෝගියයි වෛද්‍ය වරයයි අතර තියෙන්න ඔන හොඳ බැදීමක්. හොඳ සම්බන්දයක්. ඒ සම්බන්දය ඇති වෙන්නේ ස්පර්ෂයෙන්. සමට සම ස්පර්ශ වෙන්න ඔන. ඒක කරන්න පුලුවන් එකම ක්‍රමය, සාර්ථක ක්‍රමය තමයි රෝගියාගේ අතේ නාඩි ගැස්ම වෛද්‍ය වරයාගේ ඇගිලි වලින් අල්ලලා බැලීම. මෙතැනදී වෛද්‍ය වරයා රෝගියාත් සම හරහා ස්පර්ශ වෙනවා. රෝගියාගේ ඇග ඇතුලේ සම්පූර්න විස්තරය වෛද්‍ය වරයාට ලැබෙනවා.
මේ බැදීමට කියන්නේ ආත්මීය බැඳීමක් කියලා. එතැනදී වෛද්‍යවරයාට දැනෙන හැගීම වෙන්නේ මේ රෝගියා මගේ කෙනෙක් කියලා. පවිලේ නෑයෙක් , ලේ නෑයෙක් කියලා. ඒකතමයි අපේ පරපුරේ නාඩි ශාස්ත්‍ර වෙදකමේ අර්ථය. මූලධර්මය. පදනම. ඒක හරියට අම්මගේ කුස ඇතුලේ ඉන්න දරුවයි, අම්මයි අතර තියෙන බැදීම වාගෙයි.ඒ තමයි  පෙකිණිවැලේ බැඳිම. නෑදෑ කමට අපේ වෙද පරපුරේ බැදීමත් එකම තමයි. වෛද්‍යවරයා, රෝගියාත් අතර මේ කියපු බැදීමට වැඩිය වෙන බැඳීමක් තවත් තියෙනවද. නෑ.. ලෝකේ කොහේවත් නෑ. අන්න ඒ හින්දා තමයි අපේ පරපුර පාරම්පරික වෛද්‍ය ක්‍රමය. එහෙම නැත්නම් මේ විශ්වයේ ස්වභාදහමේ නුමුහුන් සාරයෙන් හඳපු ඖෂධ ලබා දෙන වෙද හෙදකම කරන්නේ.
-මව්බිම පුවත් පතින් උපුටා ගන්නා ලදී..