ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු අති විශාල පෞද්ගලික ව්‍යාපෘති සංක්‍යාවක එකතුවක් පමනක් යැයි විස්වාස කරන, ඡන්දය දා උදෑසනම ඡන්ඳ පොලට පැමින තම පෞද්ගලික ව්‍යාපෘතියේ “බලපොරොත්තු නියෝජිතයාට” ඡන්දය දමා ඇගිල්ලේ වර්ණ සලකුනද දමාගෙන ආඩම්බරයෙන් රටජාතිය වෙනු වෙන් තම යුතුකම ඉස්ඨ කල බවට එලියෙන් පැමිනෙන අදෘශ්‍ය මානසික ව්‍යාජයේ සිට ආඩම්බරයෙන් නිවසට යන අපේ ඡන්දදායකයා ගේ හිස මතට නැවතත් කුණු කන්දක් පැමින තිබේ. විපතට ගොදුරු වූ කොටස්ම පවසන්නේ සිදුවීමේ සිට පැය 12ක් ගත වනතුරුත් සිදුව ඇති ආපදාවේ තත්වය තේරුම් ගෙන නිසි ප්‍රථි ක්‍රියාකාරීත්වයක් ආරම්භකරන්නට නොහැකි වූ බවකි. සමහර විටක මෙවන් විපත්තියකට අදාලව ක්ශනිකව ක්‍රියාත්මක විය යුතු වන ආකාරයට නිර්මානය ක්‍ර ඇති යාන්ත්‍රනවල වගකිව යුත්තන් පවසනවා ඇත්තේ සිංහල අවුරුදු දාම කඩා වැටීමෙන් කුනු කන්ඳ විසින් තමන් වෙත අසධාරන ආකාරයේ අභියෝගකිරීමක් කර ඇති බව විය හැක. නොයෙසේනම් කුණු කන්ඳ විසින් අසාධාරන හා අයුතු හැසිරීමක් පෙන්ව ඈති බව විය හැක.
ආර්ථික, දේශපාලනිකව පමනක් නොව සංස්කෘතිකවද මියයමින් සිටින රටකට සංවේධීවන්නට මහත්ම විපතක් අවශ්‍යය. දියුනු සංවේදී සමාජයකදී නම් විපතක පෙර සලකුනු විසින් පුද්ගල මට්ටමේ සිට ආයතනික මට්ටම දක්වා විපතට සමාන අවධිකිරීමක් ගෙන ඒම අපේ රටේ දීනම් අනවශ්‍ය කලබල කිරීමකි. කලබල වීමකි. ඒ නිසාමදෝ වාර්ථා පවසන්නේ අදාල ප්‍රදේශයේම අතිගරු මහජන නියෝජිතයෙකු පවසා ඇත්තේ මේ දිනවල ගෞරවනීය පාර්ලිමේන්තුව නිවඩුවක තිබෙන නිසා අප මදක් ඉවසිය යුතු බවකි.
සිරුරෙන් උස් මහත් වූ නිසාම වැඩිහිටියන් ලෙසට සැලකෙන, “වැඩිහිටි” බව පිලිගැනෙන, තනතුරුවල නැති නම් වගකීම් වල වසර ගනන් ඔහේ පල්වීම නිසාම තමන් ජේෂ්ඨ යැයි විස්වාස කරන ළඳරුවන් ට මීට වඩා යමක් කල නොහැකි ය. පාට සලකුනු වල සිට ප්‍රථමික මතවාද අසල කල්ලි ගැසීම දේෂපාලනය ලෙසට විස්වාස කරන පුරවැසියන්ට මීට වඩ යමක් කරන්නට නොහැකිය. මේ දෙගොල්ලෝම එක් වී “සාර්ථව” කුණු කඳු නිර්මානය කර ගැනීම හා ඒවා සමග සතුටින් සිට යම් මොහොතකදී හිස මතට කඩ වැ‍ටුනු විට දෙස් දෙවොල් තබමින් චෝදනා නගා ගන්නවාට වඩා උසස් “ජීවිත” අවකාශ නිර්මානය කරගන්නට ඔවුන්ට කවරදාක වත් අවශ්‍ය නොවුනා සේම පෙනෙන ඉදිරියේදී වත් සිදුවෙතැයි විස්වාස තබන්නටද නොහැකිවී ඇත.