ශ්‍රීලංකාවේ ඓතිහාසික යුගයක් ගවේෂනයේදී සෙල් ලිපි මූලාංශ්‍ර වලට විශේෂ තැනක් හිමිවන අතර වංශ කථාවලින් මග හැරුනු ඇතැම් තොරතුරු හා වකවානු නිගමනය කිරීමෙහි ලා සෙල් ලිපි වැදගත් මෙහෙයක් ඉ‍ටුකරන බව කිව යුතුය. සිතාවක යුගය පිලිබඳව මෙතෙක් ඓතිහාසික පුරාවිද්‍යා ගවේෂනයක් සිදු නොකිරීම නිසා මෙම යුගයට අයත් ශිලා ලේඛන සොයා ගැනීම උගහට වී ඇත.
දැනට සීතාවක මාලිගයට නැගෙනහිරින් සීතාවක ගගෙන් ඉහලට කිලොව මීටරයක් ගිය තැන තිඹිරිපොල ගම්මානයට අයත් ගගේ වම් ඉවුරේ පිහිටි ගලක මතුපිට නෙලා ඇති “දකුනු ශ්‍රී පාද ලංඡනය” විශේෂ අවධානයට ලක්විය යුතු ඓතිහාසික සටහනකි. අලංකාර නෙළුම් මලින් සමන්විත මෙම ශ්‍රීපද ලාංඡනය හා බැදී පවතින ජනංප්‍රවශයක් අනූව සීතාවක රජුගේ තිඹිරිගෙය පිහිටි මෙම ගම තිඹිරිපොල වේ. ශ්‍රීපාදය වන්දනා කිරීම සදහා වන රජබිසවකට වැලඳී දොලදුක සංසිදවීම සදහා රජ අනින් ගඟ අසබඩ ශ්‍රීපාද ලාංඡනය කොටා පුදසත්කාර කිරීමට සැලසූ බවක් කියවේ. මෙම ශ්‍රීපද සලකුන නැගෙනහිර දිසාවට විහිදී තිබීමත් එතැන් සිට ගගේ දකුනු ඉවුරෙන් යාර 500 දුර ගල්පව්වක් මත රජ ලෙන පිහිටා තිබීමත් මෙම රජ ලෙන අතීතයේදී භික්ෂූන් වාසයස් අදහා පැවතීමත් අතර කිසියම් ආගමික සම්බන්ධතාවක් අතීතයේ සිට පැවති බවට ශාක්ෂි ගෙනේ.
යක් පැවති බවටද ශෛඉ උස් ගල් පව්වක පිහිටි රජ ලෙන එකල පිහිටි විශාල ලෙන් දෙකකින් ස්මන්විතය, මෙම ලෙන් භික්ෂූන් සදහා පූජාකරන ලද බවට වන කටාරම් කොටා සෙල්ලිපි යොදා ඇති අතර ලෙන තුල විහාර ගෙයක් පැවති බවටද ශාක්ෂි ඇත.
මෙහි කොටා ඇති සෙල්ලිපිය නෙසේය
(1) ලෙන ” ගමික කඩක කුලශ ලෙණෙ ශගශ නියතේ”
(2) ලෙන ” උපශක මෙරය තිශහ ලෙණෙ ශගශ නියතෙ”
කඩක කුල ගමකයාගේ ලෙණ සඝ සතු කර පිදූ බවත්, උපාසක මෙර නිසගේ ලෙන සඝ සතුකර පිදූ බවත් මින් කියැවේ. එකම පවුලකට අයත් දෙදෙනෙකු මෙම ලෙණ් පූජා කර ඇතැයි සිතිය හැකි අතර මෙහි සටහන් ව ඇති බ්‍රාහ්මී අක්ෂර විකාශය අනූව ක්‍රි.පූ එක්වන සියවසේට අයත් බව කිව හැක. මේ අනූව ක්‍රි.පූ යුගයට අයත් ජනාවාස මෙහි තිබී ඇති බවද ඔප්පු වේ.
සීතාවක යුගයේ ඓතිහාසික තොරතුරු පිලිබඳව මෙතෙක් අයිතිහාසික සයහන් තුලින් ලබා ගෙන ඇති විස්තරයන් පූර්ණ පරීක්ශනයන්ට යොමු කිරීමේ වගකීම ඉතිහාස ගවේශකයන්ට අයත් කාර්යයකි. දැනට රාජධානිය තුල ඇති පුරාවිද්‍යාත්මක වස්ථූන් පමනක් නොව පෘතුගීසී නිලධරයන් විසින් ලිස්බින් නුවර සමග හුවමාරුකරගත් ලිපි ලේඛන පරික්ෂාකිරීමෙනුත් මෙතෙක් අදුරින් වැසී ගිය ඉතිහාස තොරතුරු අනාවරනයට මග පෑදෙනු ඇත. එවිට මෙහි දක්වා ඇති ඇතැම් තොරතුරු වෙනුවට හාත්පසින් වෙනස් තොරතුරුද අලුත් තොරතුරුද අනාවරනට කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් ලෙස අවධරනයට ලක්විය යුතු රාජ්‍ය යුගය පිලිබඳව පුළුල් ගවේෂනයක් කිරීමට වත්මන් යුගයේ ජාතික වගකීමක් විය යුතුව ඇති බවටද අවසාන වශයෙන් සටහන් කරමි.
– පොත පත ඇසුරෙනි