මිනිසා වඩාත් ලෝකවැසියෙකු වීමේ අනිවාර්ය සාධකය තව දුරටත් මග හැරිය නොහැකි බව මේ මොහොතේ වඩාත් සත්‍යයයකි. හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වන්නේ අප පසුකරමින් සිටින යුගයේ මිනිස් ගොඩ නැගීම් තව දුරටත් හුඳු රටවල් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි තරමේ බරපතල ඒවා බවයි. උස් ගිරිදුර්ග, රළු සාගරයට තව දුරටත් මිනිස් සංස්කෘතිය බෙදා තබන්නට නොහැකි බව පමනක්ම නොව ඒවා තරනය කොට එකි නෙකා යාවීම මහා ධනවත් අයගේ ක්‍රියාකාරකම් පමනක් වීමේ පැරණි සත්‍යය අප වේගයෙන් පසු කරමින් සිටිනවා. නෙක පැහැගත් මිනිස් සංස්කෘතීන් තව දුරටත් එකි නෙකට එරෙහි වන්නට අනවශ්‍ය වන තරමට එකිනෙකාට පැහැදිලි වන්නට පටන් ගැනීම වඩාත් ආකර්ශනීය කාලපරාසයක් ගෙනෙමින් තිබෙනවා. අන්තර්ජාලය අනාගත මිනිස් සංස්කෘතියට අපූරු ආකෘතියක් යෝජනා කර සිටිනවා. එකි නෙකා මත නොයැපෙන මුත් සරලව එකි නෙකා හමුවන අපූරු ආකෘතියක් අප අද වන විට අත්හදා බලමින් සිටීම අන්තර්ජාලය ගෙනැවිත් ඔප්පු කරමින් සිටිනවා.
සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි. සාධාරනවන ආකාරයේ එකිනෙකා මත යැපීම හෙට දවසේ අභියෝගය වනු ඇති බව වඩාත් ආකර්ශනීය හා තාර්කික කාලීන මතයයි. වඩ වඩාත් තාක්ෂනික වන ලෝකය මේ සදහා මාර්ගය නිර්මාණය කරමින් සිටින බව පැහැදිලි කෙරෙනවා. සජීව අන්තර් භාෂා පරිවර්ථනය සාර්ටහකම ආරම්භයක්. අපගේ වසර දහස් ගනනක් පැරනි ජාන ගත පුරුද්දක් වන අනෙක් ගෝත්‍රිකයන් සැක කිරීම අනෙක් පසින් වන ප්‍රධාන බාදකයක්. අනෙකාට ගොදුරු නොවන මෙන්ම අනෙකාව ගොදුරු නොකරගන්නා ලෝක එකගතාවයක් ගොඩ නැගීම කිසිදාක අවසන් නොවන මිනිස් කථාන්දරයේ මීලග පරිඡ්චේදය වනු ඇත.
– Pubudu Siriwansa