අමුත්තන් ආශ්‍රමයට පැමිනෙමින් සිටී. සැමදිනකම පාහේ අලුත් අමුත්තෙකු දෙදෙනෙකු දැකිය හැකිවාසේය. කනගා‍ටුවට කාරනය වන්නේ ඔවුන් බොහොමයක් මෙහි පැමිනෙන්නේ දහම ගැන බොහෝ දේ ‍රැගෙනය. බොහෝ අය නොදන්නාම හෝ මගහරින්නට කැමතිම කාරනය වන්නේ බුදුදහම යනු ‍රැස් කරන්නට පොලබවන විෂයක් නොවන බවයි.මේ කාරනය ඉතා  සරල කාරනාවක් ලෙස පෙනුනද ප්‍රායෝගිකව සලකන විට බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි පිලිවතක් වන හැටි මා හොදින් දැක ඇත්තෙමි. අදත් හැන්දැවරුව පුරාවට විටින්  විට බටහිර බැවුමෙන්  සුපුරුදු වස්දඬුරාවය නැගෙනු ඇසිනි. සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී යාන්තමින් රත්පැහැගත් බටහිර අහස් කුස පසුබිම් කරගනිමින් අර නාද රටා ව්ලට සම වැදී හෝරා වකට වඩා කාලයක් ගතකර ඇති බව දැනිනි. නිරාමිස සතුට එයදැයි මම මගෙන්ම විමසමින් සිටිමි. Tharu Minisa By Pubudu Siriwansa