රාජකීය පන්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසින් සබරගමුවේ ඓතිහාසික ලේඛන එකරැස්කිරීමෙන් රචනාකර ඇති සබරගමු දර්ශන ග්‍රන්තය සීතාවක යුගයේද තොරතුරු ඇතුලත්ව ඇති ඓතිහාසික සටහනක් ලෙස ගිනිය හැක. කෝට්ටේ වැඩ සිටි දන්ත ධාතූන්වහන්සේ ආරක්ශාව සදහා සීතාවකටත්, අනතුරුව දෙල්ගමුව වෙහෙරටත් වැඩම කිරීමේ සිද්ධිය මෙහි මනාවට විස්තර කරයි.
කෝට්ටේ කලාලේ කිසිල්ලේ- දත මැදගෙන යන්න රාලේ යනුවෙන් කිරිපිටියේ දිවන රාල දුටු සිහිනය අනුව දන්තධාතුව ආරක්ෂාවට රට මැදට ගෙන යාම අවශ්‍ය වූ බවත් මායදුන්න රජු වෙත දත්ත ධාතුව භාරකර ටික කලකට පසු දෙල්ගමුවට වැඩම කර එහි තැන්පත් කිරීමත්, දෙල්ගමුව් විහාර මන්දිරයේ පිලිමය පිටුපස විශාල කුරහන් ගලක ආරක්ෂාකාරී ලෙස තැබූ බවත් කියවේ. එදා දන්ත ධාතුව ආරක්ෂාකල යෝධ කුරහන් ගලත් ශෛලමය මල් ආසනයත් අද දක්වා දෙල්ගමුව විහාරයේ ඉතිරිව තිබීමෙන් මෙම ඓතිහාසික විස්තරය සනාත කරයි.
එකවන රාජසිංහ රජු කුමත්‍රනවලට හසුවූ භික්ෂූන්ට දඩුවම් දීමේදී භික්ෂූන් සතු දේපල රජසන්ථක කර දඩුවම් කල නමුත් භික්ෂූන්සතුව පැවති ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ගැවින් රාජසන්තක නොකර වෙනත් පූජක පක්ෂයක් වූ දෙමල පූජකයින්ට පවරා ඇත. මෙම පැවරීම පිලිබඳ විස්තර කරන සබරගමු දර්ශන ග්‍රන්තය සීතාවක් රාජසිංහ යුගයේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජුකාලයෙන් සිව් වැනි වසරේදී අවුරුදු 171ක් ද්‍රවිඩයන් සතුව පැවති ශ්‍රී පාදය නැවත සංඝයාවහන්සේ වෙත පූජා කර ඇත. මෙහිදී වත්සපයන සංඝය වහන්සේගේ සිව්පසය සදහා කුට්ටාපිටිය විහාර ගමත් සමග ශ්‍රීපාදස්ථානය පූජා කිරීම ශ්‍රී.බු.ව 2294 නිකිනි මස පුරපසලොස්වක ලත් බදාදා කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ස්වකීය රාජ්‍යයෙන් සිව් වැන්නේ සිදුකර ඇත. කුට්ටා පිටිය සීතාවක රාජසිංහ රජු විසින් සබරගමු සමන් වෙහෙරට පූජා කරන ලද විහාර ගමකි.මෙම ඓතිහාසික සිද්ධිය කුට්ටාපිටිය තඹ සන්නස පරික්ෂා කිරීමෙන්ද සනාත වේ. මේ අනූව සබරගමු දර්ශන ග්‍රන්තය සීතාවක යුගයේ ඓතිහාසික සටහනක් සටහන්කර වැදගත් වන බව පැහැදිලි වේ.
– පොත පත ඇසුරෙනි
