සිංහල බෞද්ධ ආකෘතිය තුලදී සමාජීය මාධ්‍ය භාවිතාව විදිමත්ව හමුවීම ගමේ පංසලේ බණ මඩුවේදී යැයි හඳුනා ගන්නේ නම්, අද වන විට පැමින ඇති දුර බොහෝය. එය මුද්‍රන හැකියාවෙන් ඉලෙක්ට්‍රොනිකව ශ්‍රව්‍ය ඉම පසුකරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය බව අධිත්වරනය කර ඇත්තේ වර්චුවල් ඉමක්ද නිර්මාණය කරමිනි. අන්තර්ජාලය මේ ගලායාමට මැදිහත් වන්නේ වඩාත් සංකීර්න ආකාරයකටය. එය රූපවාහිනිය ප්‍රමුක යුගයේ දක්වා වූ සමහර සාම්ප්‍රධායන්ද අභියෝගයට ලක්කර ඇත්තේ සියල්ල කනපිට වනද අයුරිනි. මාධ්‍ය කරුවා හා මාධ්‍ය පරිශීලනය කරන්නාගේ භූමිකාවද මේ නව යුගයේදී උඩු යටිකුරු වෙයි. “සියල්ලෝටම අවශ්‍ය විටකදී මාධ්‍ය කරුවන්ද වීමට හැකි අතර සියල්ලන්ටම පරිශීලකයින් වීමටද අවකශ ගෙනෙයි”.
සමාජජාලා යුගය අර්බුධ රාශියක් නිර්මාණය කර ඇත. මාධ්‍යකරනයට ලයිසනයක් අනවශ්‍ය වීම පමනකින් එය අවසන් වන්නේ නැත.විධිමත් බවේ සිට තමන්ට හුරු අවිධිමත් බව දක්වා වන ඔනෑම වටපිටාවක් නියෝජනය කරමින් හිතුමතේ භාවිතාකරන්නන් හැසිරෙන්නට පටන් ගැනීම සිදුවේ. අවිධිමත් භාෂාවේ සිට චලන සටහන් දක්වා ඔහුට දිගුවන්නට හැක. සාම්ප්‍රධායික සමජ මනස නව තත්වය තුලදී අර්බුධකාරී වන්නේ අසීමිතව විය හැක. විශාල ගැටුම් , සමාජ පිපිරීම් එය නිර්මාණය කිරීම සුලබ අත්දැකීමක් වෙමින් ඇත.
මේ නව මාධ්‍ය යුගය භාවිතාව තෙයාකාරයකට කොටස් කරගත හැක. විධිමත්ව හෝ අවිධිමත් ආකාරයට තම සැබෑ මතය ඉදිරිපත්කරන්නන් බොහෝය. ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජීය මට්ටමේ අදහස් උදහස් නිදහසේ මේ අවකාශය වෙත මුදාහරී. මෙය ධනාත්මක කාරනවක් ලෙසට දියුනු සමාජයකදී භාවිතා කරගන්නටද අවස්ථාවක් ලැබෙයි. තවත් කොටසක් පුද්ගල මට්ටමේ සිට කන්ඩායම් මට්ටමින් ව්‍යාධීතත්වයන්ද සමාජ ගත කරන්නට පෙලබේ. සාමන්‍ය සමාජය මත වන සායනික අර්ථ ඉතා පහල වන වන විට පෙරීමකින් තොරව මේවා විටක අකර්ෂනීය බවකින් ගලායන්නට පටන් ගනී. අවසානයේ කොතැනින් හෝ නැංවෙන ගිනි පුළිගුව සමාජ ව්‍යසනයක් නිර්මානය වීම දක්වාම දිගුවෙයි. අවසාන කොටස හුදු අනුකරනයට නැතිනම් මෝස්තරයට පහසුවෙන් පැමිනෙන්නන්ය. ඔවුනට අර්ථ පිලිබඳව එතරම් වැදගත් කමක් නොවන අතර හුදු අනුකරනය ඔස්සේ විටක මහා ව්‍යාධියේ කොටස් කරුවන් වේ.
දියුනු සමාජයකදී නම් සංවේධීව සිටිමින් සමාජය මත අවධිවන නව භාවිතාවන් සමගම හැදෑරීම් කරමින් හානිකර ප්‍රවනතා පාලනයට කටයුතු කරයි.
– Pubudu Siriwansa
