සීතාවක පුරවරය පෙර රජ දවස රන්වන් කරලින් බරව සරුසාරව පවතින්නට ඇති බවට හදාරන්නන් පෙන්වා දේ. කැළණි, සීතාවක ගංගා නිම්නයන් මෙන්ම පෙර රජ දවස පාලකයන් විසින් ඉදිකල වැව් අමුනු කිහිපයකම නටඹුන් අදද දකින්නට හැකිවීම ඔවුන් පෙන්වා දේ. ඒවා අතර ගැටහැත්ත, මානියම්ගම, පින්නපොල, ඇස්වත්ත හා පෙතංගොඩ ප්‍රදේශවල අදද දක්නට ලැබෙන ක්ශේෂයන් පෙන්වා දෙන්නු ලබයි. සීතාවක නාමය නිර්මාන වීමේදීද “කෙත්ගම” යන අර්ථය අඩංගුව පැවතීම පෙන්වා දෙන ඔවුන් පොලොන්නරු යුගයේදීද මෙම ප්‍රදේශය ගබඩා ගමක් ලෙසට ව්‍යවහාර වූ බව දක්වන්නට කැමති වේ. තවත් අතකින් අද දක්වාම පවත්වා ගෙන එන මානියම්ගම කරල් පෙර හැරද එදා පැවති කෘෂි දියුනුව විදහා පාන්නක් බවට පිලි ගැනේ.
එසේම පාශු පාලනය අතින්ද එදවස වඩාත් සරුව පැවති බවට මනා ශාක්ෂියක් ලෙසට කිරි, දී කිරි,මී කිරි, ගිතෙල් ලෙසට වන පස් ගෝ රසට කේද්‍රව පැවති අමිතිරිගල, මීතිරිගල වැනි ප්‍රදේශ පෙන්වා දේ. අමුකිරි සැපයූ නිසා අමුකිරිගල පසුව අමිතිරිගල වූ බවත්, මීකිරි සැපයූ මී කිරි ගල පසුව මීතිරිගල වූ බවටත් පිලි ගැනේ.එම ගව පට්ටි රඳවා තිබූ ප්‍රදේශය වූ උඩ කනු ගාල පසුව උඩ කනුගල වූ බවටත් පහල කනු ගාල පහල කනුගල වූ බවටත් පිලි ගැනේ.