සාම්ප්‍රධායික මාධ්‍ය අධිකාරී අවකාශය වෙතට අන්තර්ජාලය ප්‍රමුක සමාජ ජාලා යුගය ගෙනැවිත් ඇත්තේ අවසන් කල නොහැකි අභියෝගයකි. පෙර යුගයේ මාධ්‍ය මනස පාලනය කලේ වඩාත් ප්‍රමිතිගත පිලිගැනීම් ඔස්සේ පමනක් නොවේ. බොහෝ විට ඔවුන්ගේ පෞද්ගලික සිතුම් පැතුම්ද බාදාවකින් තොරව මුදා හරිමින් සිටිබව අප දනිමු. අනිත් අතින් “සියල්ලෝ හටම අවශ්‍ය නම් මාධ්‍යවේදීන්ද විය හැක” අවසර පත සමග සමාජ ගත වන අතිශය විනාශකාරී අදහස් උදහස් හා ක්‍රියාකාරීකම් සැලකීමේදී සමාන්තරව සාම්ප්‍රධායික මාධ්‍යවල පිරීහීමද බොහෝ සෙයින් වග කිව කිව යුතුව ඇත. ඉවරයක් නොමැති ව ගලායන නිවේදිකාවන්ගේ උන්මාදනීය සිනාවල සිට නිරන්තරයෙන් වන නිවේදයක්ගේ වාචික හිංසනයන් දක්වාත්, වැඩි අවධානය දිනා ගැනීම සදහා ඔනෑම දෙයක් කිරීම තරගකාරී ප්‍රමිතියක් ලෙසට මුදා හැර තිබීම දක්වාත් තත්වය බර පතලය. වඩාත් තරග කාරී වී ඇති ජාතිය ආගම මූලික කරගත් ආවේගශීලී අදහස් ඔස්සේ සෑම උදයකම සමාජය මත වඩාත් ආවේගකාරී සටහනක් තැබුවේ තමන් බව සහතික කරවා ගන්නට සාම්ප්‍රධායික මාධ්‍ය ගන්නා උත්සාහ හැදෑරීමේදී තත්වය වඩාත් පැහැදිලි වනු ඇත. – Pubudu Siriwansa