දේශයේ අතීතය වෙතට පිය නගන්නට කැමති වෙන්නෙකුට වඩාත් වර්ණවත් ආකාරයට සහයවන සාහිත්‍ය ආකාරයක් ලෙසට සංදේශකාව්‍ය වේ. සිතාවක යුගය ගැන වන සටහන් අතරින් වඩාත්ම විසිතුරු ලෙසට කියවා අත්විඳින්නට සහයවන සාහිත්‍ය තිලිණයක් ලෙසට සැවුල් සංදේශය හදාරන්නන් ගේ නොමද අවධානයට ලක්වූවකි. සීතාවක රාජසිංහ රජතුමන් ප්‍රමුක මැති ඇමති වරුන් මෙන්ම මහ සේනාව වෙතට දේවාසිරි පතමින් සබරගමුව මහ සමන් දේවාලයේ සමන් දෙවිඳුන් වෙතට සැවුලෙකු නැතිනම් කුකුලෙකු අත යැවෙන සංදේශයක් ලෙසට නිම වන මෙම කාව්‍ය සටහනෙහි පද්‍ය 207ක් වන අතර ඉන් 39ක්ම සීතාවක රාජසිංහ රජිදුන් වර්නනා කර ඇත. හදාරන්නන් පෙන්දා දෙන්නේ වඩාත් සිත්ගන්නා සුලු ආකාරයට එතුමන්ගේ රණකාමීත්වය කියා පාන්නට මෙම කවියා සමත්ව ඇති බවයි. එහි සීතාවක මාලිගය, නගරය මෙන්ම සබරගමුව දේවාලය කරා යන මගද හොඳින් වර්නනා වන ලෙසට සටහන්ව ඇත.