……අපි දැනටමත් තේරුම් අරන් තියෙනවා මේ යුගය “සිදුවීමට මැදිහත් වන්නා විසින් සිදුවීම වාර්ථා කරන යුගය” ලෙසට. මේක අපිට හුරුපුරු සාම්ප්‍රධායික ක්‍රම වේදයන් සමග සැලකීමේදී සංකීර්න තත්වයක්. වෙනස් දිසාවකින් මේ තත්වය විග්‍රහකරන කොට මේ විදිහට කිව හැකියි. එනම් “මීට පෙර යුගයේ ආයතනික ආධිපත්‍යයයකට නතු වෙලා තිබුනු මාධ්‍ය බව මේ වන විට පුද්ගලික අවකාශවලින් පිරිලා ඉතිරිලා ගිහිල්ලා” කියන එක. Facebook අවකාශය මේ සදහා හොඳම උදාහරනය ලෙසට සලකන්නට පුලුවන්. තවත් සමාන්තර සමාජ ජාලා අවකාශ තිබුනද මෙම අඩවියේ ක්‍රියාත්මක වෙන ක්‍රම වේදය පැහැදිලිවම මෙම නව ප්‍රවනතාවය හොදින්ම ඉදිරියට ගෙනෙමින් තිබෙන්නක්. සරලව හිතන්න දුර බැහැර ප්‍රදේශයකදී කිසියම් නිලධාරියෙකු අකටයුත්තක් කරන විටදීම කෙනෙකුට පුලුවන් වනවා සැනින් ඒ බව තම මිතුරන් සමග බෙදා හදා ගන්නට. මේක සමස්ථ සමාජ අවකාශයේම වන යාන්ත්‍රන වලට ගෙනෙන නව බල පෑමක්. උසාවියක් වැනි නිශ්චිත සමජ ස්ථාන වලදී හැරෙන්නට කෙනෙකුට තම පුද්ගලික දත්ත උපංහයක් භාවිතවීම වලකන්නට හැකි වෙතැයි මම හිතන්නේ නැහැ. තම නළ බලය අයුතු විදිහට භාවිතාකරන්නෙකුට හැරුනහම සාමාන්‍ය නිලධරියෙකුට එය පාලනය කරන්නට අවශ්‍ය වීමත් ගැටලුවක්. ලෝකය පුරා මෙම නව ප්‍රවන තාවය දකින්නට පුලුවන්. ඇමරිකාවේ නගරයක නිවසක උද්‍යාන පාටියකදී සිදුවූ සිදුවීමට අදාලව පැමිනි නිලධාරියෙකුගේ සිමා ඉක්මවා හැසිරීම සැනින් ලෝකය වෙතටම විවර වීම කථා බහට ලක්වුවා……- ITLK.US කතුවරයාගේ Online දේශනයකින් උපුටා ගැනීමකි.-
