සතර කෝරලයේ දෙවනගල වැඩසිටි ඉ-රුගල් සාමි සහ සූරියසාමි යන තෙරුන් වහන්සේලා රාජසිංහ රජුට බියෙන් පලා ගොස් ඌව පලාතේ කෝට්ටේගොඩ ගල්ගෙයක සැගවී සිටින විට එම ගම විසූ චිත්‍රාමාරියෙක් රහසින් මේ දෙනමට උපස්ථාන කල බවත් රාජසිංහ මරනයෙන් පසු පලමු විමලධර්ම සූරිය මහරජ තුමාට ශ්‍රීලංකාව පුරා සීතාවක සාසන විනාශයට බියෙන් සැගවී භික්ෂූන්වහන්සේලා සිටින බව දැනගන්නට ලැබී උන්වහන්සෙලාට ප්‍රසිද්ධියේ කටයුතු කිරිමට අවසර දුන් විට එම චිත්‍රමාරිවරයා එම දෙනම රජතුමාට හඳුන්වා දුන්බවත් බන ඇසූ රජතුමා ඒ දෙනමට උළුගල විහාරය සන්නස් පිටදී වැඩ ඉන්නට සැලැස්වූ බව පෙනේ.
තවද මහනුවර සෙනරත් රජතුමාද සීතාවකින් සිදුවුන ශාසන විෂමතාව ගැන අසා සැගවී සිටින භික්ෂූන් ඇද්දැයි සොයා බලන ලෙස ඇරව්පලේ ලියන රාලට දැන්වූ පසු කොත්මලේට ගොස් සැගවී සිටි භික්ෂූන් දොලොස් නමක් සොයාගෙන පැමිනි බවත් ඉන් සිව් නමක් අළුලෙනද තුන් නමක් කරඬුලෙන විහාරයේද කිඳිගොඩ ආරාමයේ තුන්නමක්ද බෝධිමාලක විහරයේ දෙනමක්ද වැඩ වාසය කිරීමට කටයුතු යෙදූ බව පෙනේ. මෙයින් ප්‍රසාධයට පත් සෙනරත් වාසල ලියන රාලට ගම්බිම් තුටු පඬුරු පුදා එකී විහාරවල පුදසිරිත් පවත්වන්නට එකී ලියනරාලටම පැවරූ බව පෙනේ.
– පොත පත ඇසුරෙනි
