සමහර හදාරන්නන් පවසන්නේ හටන් කාව්‍ය නිර්මාණවල ආරම්භය “සීතාවක හටන” වෙතින් සිදුවුන බවකි. මෙම සම්ප්‍රදාය අලගියවන්න මුඛවෙටිතුමාගේ කුස්තන්තීනු හටනෙන් ආරම්භ වෙන්න ඇතැයි සැලකුවද  වැඩි දුරටත් හදාරන්නන් පෙන්වා දෙන්නේ 1585 දී සීතාවක රජවාසලේ මුදලිවරයෙක් වන දෙණවක අත්තන්තරි විජේවර්ධන  අබය අලහප්පෙරුම නම් කවියා පලමු සටන් කව්‍ය නිර්මානය කර ඇති බවටද තොරතුරු ඇති බවකි. මොහු මයාදුන්නේ රජතුමා යටතේ මෙන්ම රාජසිංහ රජතුමා යටතේද යිධ පෙරමුණට ගිය විරු වරයෙක් ලෙසට පිලිගැනේ. එහි කෝට්ටේ ධර්ම ප්‍රාක්‍රමභාහු රජතුමාගේ සිට ටිකිරි බන්ඩාර කුමරු පලමු රාජසිංහ ලෙසට රාජාභිශේකය ලැබීම දක්වා තොරතුරු කියවෙන ලෙසට කවි 1120 කින් සමන්විතව කර ඇති මෙම නිර්මානය සමහරුන් පවසන්නේ කව්‍යකට වඩා ඉතිහාසය විස්තර කෙරෙන සටහනකට ආසන්න බවකි. ගැමි බස කවිය සදහා බහුලවම යොදා ගෙන ඇති මෙහි අවසානයේ ඒඅජසිංහ රජතුමා ප්‍රමුක මහා සේනාවට දීර්ඝායු පතමින් අවසන් කර ඇත.