අවිස්සාවේල්ල නගරය වර්ථමානයේ ප්‍රධාන නගරය බවට පත්වුවද , පැරනි සිතාවක රාජධානියේ අගනුවර වූ , සීතාවක නුවර ඒ ආසන්නව ම පිහිටා ඇත. තුන්කෝරලයට අයත් දෙහිගම්පල්-අටළුගම්-පනාවල් කෝරල තුනෙන්ද හේව ගම් කෝරලයද , කුරුවිට කෝරලයද මෙම පැරනි නගරයේ මායිම් වලට හසුවේ. මානියම්ගම කඳු වලල්ලෙන් වට වුනු අතර අනෙක් පසින් කැලනි ගං මිටියාවත තෙක් විහිදී ගිය සරු සාර ජය භූමීන් සීතවක ගඟ අසල සීතාවක නුවර දිකර තිබුනි. සීතාවක නුවර අතීතය වසර 30000 ක පමන පෙර ආදී මුතුන් මුත්තාවන බලන්ගොඩ මානවයා ජීවත්වූ කාලය දක්වා දිව යයි. ඔවුන් ජීවත්වූ කුරුවිට බලදොඹලෙන හා බටතොට ලෙනත් , කිතුල්ගල බෙලි ලෙනත් සීතාවක නගරයට ආසන්නව තිබේ. ඉහල මානියම්ගම බෙලි ලෙනත් – කොස්ගම අකරවිට – අස්මඩල ලෙනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකර කැනීම් වලදී අතීත මිනිසුන්ගේ ඩල් ආයධ මෙවලම් මෙන්ම ආහාරයට ගත් සත්ව කොටස් ද හමුවී තිබේ. එම නිසා වසර 30000 කට අධික කාලයක සිට මානව ජනාවාස සීතාවක ප්‍රදේශයේ තිබූ බව තහවුරු වේ.
රාමයන ය නම් සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ මාහා කාව්‍යයේ ලංකධිපති රාවන රජතුමා රාමකුමරු රාවන සොයුරියට කල අවමානයට පලිගැනීමට සීතා දේවිය රැගෙන විත් ලංකාවේ සඟවා තැබූ බව දක්වයි. සීතාදේවිය සඟවා තැබූ ස්ථානයක් ලෙස අවිස්සාවේල්ල තානයම අසල කඳුගැටයේ සීතා ලෙන හඳුන්වන අතර, සිතා දේවිය නිසාම මෙම ප්‍රදේශය සීතවක වූ බවද ජනප්‍රවාදයක් පවතී.
ක්‍රි.පූ. 3 වන සියවසේ මහිංදාගමනයත් සමග විශාල බෞද්ධ ප්‍රබෝධයක් ලංකාව පුරාම ඇතිවිය. දහස් ගනනක් වූ භික්ෂූන් වහන්සේලා වෙනු වෙන් ආරාම වශයෙන් ගල්ලෙන් පූජා කලහ. කොරතොට රජමාහා විහාරය, අඟුරුවැල්ල සෝනගිරි ලෙන මෙන්ම දෙහිඔවිට තිබිරිපොල ගම්මානයේ පිහිටි රජ ලෙනත් එහි සදහන් බ්‍රහ්මීය අක්ෂර සහිත ශිලා ලිපි පරික්ෂා කිරීමේදී ක්‍රි.පූ. දෙවන සියවස ට (අනුරාධපුර මුල් යුගයට) අයත් බවත් එම කලයේ සිටි ගම් ප්‍රධානීන් මෙම ලෙන් කටාරම් කොටවා භික්ෂූන් වහන්සේලාට පුජා කල බවත් සදහන් වේ.
අනුරාධපුර යුගයේදී ලංකාව ආක්‍රමනය කල ද්‍රවිඩ සේනාව නිසා මායා රටට පලා ආ වලගම්බා රජතුමා (ක්‍රි.පූ. 103-77) මායා රටේ ගල් ලෙන් වල සිට සේනා සංවිධානය කලේය. සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ගල්ලෙනෙහි සිට සේනා සංවධානය කල ,සතුරා පැරද වූ රජතුමා මානුයම්ගම ගල්ලෙන් විහාරය කරවූ බව ජනප්‍රවාදයයි.
අනුරාධපුරයේ රජකම් කල පස්වන මිහිඳු රජතුමාගේ කාලයේ චෝල ආක්‍රමනිකයෝ අනුරාධපුර රාජ්‍ය බලය අල්ලා ගත්හ. රජ දරුවන් රුහුනට පල ගිය අතර කීර්ති කුමාරයා හෙවත් පලමු විජයබා රජතුමා බොහෝ දුෂ්කරතා මැද සේනා සංවිධනය කර සතුරා පලවා හැරියේය. විජයබා රජතුමා රජරට සිටි සතුරාට පහරදීම සදහා සේනාංක දෙකක් යැවූ අතර එක් සේනාංකයක් මහානියාම රට්ඨිය(මානියම්ගමු රට) හරහා ගමන්කල බව වංශකථාවේ සඳන් වේ.
පොලොන්නරුවේ අසහාය පාලකයා වූ මහා පරාක්ක්‍රමභාහු රජතුමා උපත ලැබුවේ සීතාවක නගරයට නිදුරු දැහිගම කොට වෙහෙර නම් ස්ථානයේ බව මූලාංශ්‍රවලින් දැක්වෙන අතර එතුමා තම උපන් ගම සිහිපත්වීම සදහා සුථිඝර නම් වූ දාගැබ ඉදිකරා ඇත. එතුමාට එරෙහිව කැරලිගැසූ දකුනේ මනභරන නම් පාලකයා මර්ධනයට මානියම්ගම රට්ටිය හරහා සේනංකයක් රුහුන ට ගිය බවත් , එකල මෙම ප්‍රදේශය ගබඩ ගමක් බවත් වංශකථාවේ දැක්වේ. මානියම්ගමු රට යනු , වර්ථමාන මානියම්ගම ප්‍රදේශය බවත් සතර කොන මායිම් කනු හතරක් ඇති නියම්ගම් දසදහසකින් යුත් ප්‍රදේශයක් බව , ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මහතගේ කඩ-ඉම් පොත් විමර්ශනය නම් නම් ග්‍රන්තයේ සදහන් වේ.ගම් පල රාජ්ධානිය කරගත් පස්වන බුවනෙකබා රජතුමා ක්‍රි.ව. 1382 දී පමන තමන්ට පක්ෂපතී සියනෑ කෝරලයේ වැල්ලබුරේ පදිංච්ව සිටි ජයසුන්දර මුදලිට පෙතන්ගොඩ නිදන්ගම හා සීතාවක මුදලි තනතුර ප්‍රධානය කිරීම කියවෙන සීතාකඩ සන්නස හමුවේ. සීතාවක අන නමට ගොවිතැනට සම්බන්ද නිලධාරියා යන අර්ථය යොදී ඇති බව මෙම සන්නසින් හමුවන වැදගත් තොරතුරකි.
ක්‍රි.ව. 1521 විජයයබා කොල්ල ඇතුවීමට පෙර සිටද මායාදුන්නේ කුව්මරු මානියම්ගම රජමාහා විහාරයේ භික්ෂූන් වහන්සේ සමග සම්බන්දකම් පවත්වා ඇත. ක්‍රි,ව. 1519 දි මයාදුන්න කුමරා මානියම්ගම රජමහා විහාරයේ බුදුපිලිම හා විෂ්නු දේව රූපය නිමවා සිතුවම් අන්දවා පෙතන්ගොඩ කුඹුරු යාය පූජාකල බව , රජමහා විහාරයේ ඇති තඹ සන්නසේ සදහන්ය. ක්‍රි.ව. 1521 දී විජයබා කොල්ලයෙන් පසු මයාදුන්න කුමරා තුන්කෝරලය සතරකෝරලය හා සබරගමුව හේවාගම් කෝරලයේ කොටසක්ද ඇතුලුව සිතාවක අගනුවර කරගත් සීතාවක් රාජධානිය පිහිටුවා ගත්තේය.
