තිඹිරිපොල ප්‍රදේශයේ සීතාවක ගඟේ ගල්තලාවක කොටන ලද ශ්‍රීපාද ලාංඡනයක් (දකුනු) තිබේ. අවුරුද්දේ වැඩි කාලයක් මේ ලාංඡනය ජලයෙන් යටවී පවතී. මේ ශ්‍රීපතුල කොටන කාලයේ මේ ගල්තලාව ජලයෙන් යට නොවූ බව පැහැදිලිය. කෝවිළ තැනීමට ගගේ හැරවීම සදහා ගුරුපස්ගොඩදී ගඟ හරස් කිරීම නිසා පසු කාලයක දිහ රජුගේ බිසවට ගඟේ පතුල ගොඩවී ජලයෙන් යටවූ වා යැයි සිතිය හැකිය. එකවන රාජසිංහ රජුගේ බිසවට දිනපතා ශ්‍රීපාද කන්දේ සිරිපතුල වෙනුවට වැන්ද පුදා ගැනීම සදහා රජු විසින් කොටවන ලද බව ජනප්‍රවදයේ පවතී.
සීතාවක රජ මලිගයට දකුනු දෙසින් සතර වටේ ගල් අල්ලා සකස් කරන ලද ස්ථානයක නටබුන් දක්නට ලැබේ. සැවුල් සංදේශයේ සඳහන් වන වික්‍රමසිංහ මහ ඇමති තුමා විසින් සාදන ලද “වසුවිල්විට අම්බලම” අසල පිහිටි මේ ස්ථානය අද හැඳින් වෙනුයේ “බැලුම් කොටුව” යන නමිනි. රජමලිගයේ සිට මෙම ස්ථානය දක්වා ගල් පඩි පේලියක් තිබූ බව පැරනි අය කියති. මෙහි සමහර ගල්පඩි අදද දැකිය හැකිය. “බැලුම් කොටුව” යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්දැයි සලකා ගැනීම අපහසුය. මේ ස්ථානයට නුදුරින් රාජකීය ඇත් හල පිහිටා තිබුනි. බැලුම් කොටුවට නැගෙනහිර දෙසින් විශාල තැනිතලාවකි. මල්ලව පොර , ඉලංගම්මඩු, ආදී මේ පිට්ටනියේ පැවැත් වෙද්දී රාජකීය පිරිස මෙම ස්ථානයේ සිට නැරඹූ හෙයින් “බැලුම් කොටුව” වූවා විය හැකිය.
සීතාවක සිට ගැටහැත්ත දක්වා එද විහිදුන මාර්ගය පසකින් “දළඳා ගොඩැල්ල” නමින් හැඳින් වෙන ගොඩැල්ලක් වෙයි. මේ හි ගල්කුලක් ඇත් ගල් ලෙනක් නැත. කෝට්ටේ වැඩ විසූ දළඳා වහන්සේ සීතාවකටත්, එතැනින් දෙල්ගමුව රජමාහා විහාරයටත් ගෙන ගිය එදිරිල්ලේ රාලහාමි , එක් රැයක් මේස්ථානයේ ගතකල බවත්, එදා සිට මේ ස්ථානය “දළඳ ගොඩැල්ල” නමින් හැඳින්වීමට පටත්ගත් බවත් ජනප්‍රවාදයේ පවතී.
සීතාවක රාජධානියට අයත් එක් කඩතක් පිහිටියේ ගැටහැත්තේය. අවි ආයුධ සහිත සන්නද්ධ හමුදාවක් විසින් මේ මුර පොල ආරක්ශා කරනු ලැබීය. සීතාවක සිට සපරගමුව දක්ව ගිය සැවුලාටද මේ මුරපොලේ ආරක්ශාවට සිටි හමුදාව පලකල විරෝධාර එඩියත් භාවිතාකල අවිආයුදත් දැක ගත හැකි විය.
