වර්ථමාන අවිස්සාවේල්ල – රත්නපුර මර්ගයේ දෙහිගහපිටිය කතෝලික දේවස්ථානය අසලින් ගලා යන ඇල “හිරගේඇල” නමින් හැඳින්වේ. සීතාවක රාජ්‍යයේ හිරගෙදර පිහිටා තිබුනේ මාදොල නම් ගමේය. හිරගෙදර අසලින් ගලා ගිය නිසා මේ ඇල “හිරගෙ ඇල” නමින් ව්‍යවහාරයට පත්විය. සැලයට භාජනයවී රජු ඉදිරියට පමුනුවන ලබන අය තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සදහා දිවුරුම් දුන් ස්ථානය අද හැඳින්වෙන්නේ ” දිවුරුම් පිටිය” නමිනි.
පැරනි සිංහල යුධ කටයුතු වලදී රහස් පනිවුඩ ඉක්මනින් හා ආරක්ශා සහිතව හුවමාරු කර ගැනීම දුනුවායන් මගින්ද කෙරුනි. මේ සදහා හියක දිර ප්‍රමානයෙන් ආරක්ෂක ස්ථාන පිහිටුවා ගෙන තිබුනි. දැන්විය යුතු රහස් පනිවුඩය තල්පතක ලියා හීයක බැඳ එක් ස්ථානයක සිට ඊලග ස්ථානයේ පුවරුවට විඳින ලදී එතැන සිටින දුනුවායා පනිවුඩය ලැබිය යුත්තා කවරෙක්දැයි බලා පෙරසේම ඊලග ස්ථනයෙහි පුවරුවට විදින ලදී. මේ ක්‍රමයෙන් ඉතා ඉක්මනින් පනිවුඩය ලැබීය යුත්තා අතට එය පත්වේ. සීතාවක රාජයයට අයත් මෙවැනි මධ්‍යස්ථානයක් ආරාධනා කන්දේ තිබූ බව ජනපේවාදයේ පවතී. මෙය අතිශයින් වැදගත් ස්ථානයක් විය. එසේම කාර්ය බහුල ස්ථානයක්ද විය. රයිගම, කෝට්ටේ, කොළඹ කොටුව, දෙනවක හා රත්නපුරය වැනි ප්‍රදේශවල සිටින චරපුරුෂයන් එවන ලද පනිවිඬ දිවාරාත්‍රී දෙකෙහිම මෙම ස්ථානයට ලැබුනි.
යකහටු කන්දේ උතුරු දෙසට පිහිටි විශාල ගල්පර්වතය කොබෝතුරාගල නමින් හැඳින්වේ. මෙහි ඉදිරියට නෙරා ගිය ගලතලාවක් වෙයි. මෙහි පිහිටීම අපූර්වාකාරය. බටහිර දෙසින් කොළඹ, කෝට්ටේ හා මුහුද ද, අනෙක් පසින් හංවැල්ල කඩුවෙල ප්‍රදේශද, මල්වාන , කැළණිය වැනි ප්‍රදේදයන්ද මේ ගල උඩටම නැගි කෙනෙකුට පියවි ඇසින් දැකිය හැකිය. සීතාවක රජ්‍යයට විරුද්ධව පැමිනි කෝට්ටේ හා පෘතුගීසි සේනා නිතර නිතර පැමිනියේ මේ ප්‍රදේශය ඔස්සේ හෙයින් සතුරු සේනාවල ගමන් බිමන් දැක ගැනීමට මේ ස්ථානය සීතාවක රජ්‍යයට ඉතා වැදගත් විය. ඒ නිසා මේ ස්ථානයේ සේවය සදහා පිරිසක් යොදව්නා ලදී. මේ පිරිසට ගම්වරයක්ද දී බලන්නලාගේ යන පෙලපත්නාමයද ප්‍රදානය කරන ලදී. රජ්ජුරුවන්ට තොරතුරු සැපයීමට ගල උඩ සිට සතර වටේ නරඹමින් පිරිසක් යෙදී සිටි හෙයින් කොබෝතුරා ගල “බැලුම් ගල” යන නමින් ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධය.
සීතාව්කා රජ්‍ය සමයේ සුලු වරද කරුවන්ට කස පහර දීම, දඬු මුගුරු වලින් තැනිම, කටු සහිත ආයුධවලින් තැලීම, පිලිස්සීම, වැනි දඩුවම් පැමින වීම සදහා යොදා ගත් ස්ථාන දෙකක් ගැන ජන වහරින් තොරතුරු ලැබේ. සතර දිසාවය යොමුවූ දොරවල් සතරකින්ද වරද කරුවන්ට පැන යා නොහැකි ගල් පවුරකින්ද ආවරනය වූ මේ ස්ථාන “ගල් කොටුව” නමින් හැඳින්වේ. ඉන් එකක් සීතාවක රජමාලිගයට නුදිරින් බන්ඩිගේ වත්තේ පිහිටා තිබේ. අනෙක, තැලුම් පිටියේ පිහිටා තිබේ.
සීතාවක රාජධානියට අයත් පෝරකය තිබූ තැන යැයි සැලකෙන ස්ථානය අද කුඹුරකි. එය “පොරකේ කුඹුර” යන නමින් හැඳින් වෙන අතර ලක්මන ගා කෙරවර මේ ස්ථානය පිහිටා ඇත.
සීතාවක යුධ හමුදාවට අවශ්‍ය අවිආයුධ තැනූ කම්හලක් පෝරකේ පිහිටි ස්ථානයට පසකින් තිබින. අද “කම්මල් ගොඩැල්ල” නමින් හැඳින් වෙන මෙහි විශාල ප්‍රමනයේ තාච්චියක් හමු වී ඇත. 1990ට ආසන්න දිනක හමු වූ මේ තච්චිය ඇසින් දුටු අය මෑතක් වන තුරු සිටියත් තච්චියට කුමක් සිදුවූවේ දැයි කීමට දන්නා කෙනෙක් නොවූහ.
