සීතාවක මහේස්ත්‍රාත් නිල නිවාසය පිහිටි කඳු ගැටයේ ක්‍රි.ව. 1800 දී පමන ඉංග්‍රීසි හමුදා කඳවුරක් පිහිටවා තිබුනි. මෙම කඳු මුදුනේ සිට කොළඹ, කන්ද උඩරට හා සබරගමුව මාර්ගයත් සීතාවක භූමි ප්‍රදේශයත් හොඳින්නිරීක්ෂනය කල හැකිය. වර්ථමානයේ මෙම ස්ථානයේ ගල් වැටි කිහිපයක් හැරෙන්නට වෙනත් සාධක දැක ගත නොහැකිය.වර්ථමාන සීතාවක නගරයේ සිට සීතාවක මධ්‍ය මහා විද්‍යාලයට යන මාවත දෙපස සුන්දර භූමිය සීතාවක පලකයින්ගේ රාජකීය මල් උයනයි. එක් පසකින් සීතවක ගගත්, උයන මැදින් ගලා යන බිසෝ ඇලත් විවිධ වූ තුරුලතා මල් ගමු, දිය මල් ආදියෙන්ද සැලලිහිනි , කොවුල්, මයුර පක්ෂීන් හා මුව ගෝන සාවුන් වැනි සතුන් ගෙන්ද පිරුනු උයන රජදරුවන්ගේ නෙත් සිත් වසඟ කරන්නට ඇත. මිනිස් ක්‍රියාකාරකම් නිසා නටඹුන් සාධක විනාශවී ගියද උයන අලංකරයට තැනූ ගලින් බැඳ පැරනි පොකුනක් මෙම භූමියේ දැක ගත හැක. අද දක්වාම මෙම ප්‍රදේශය මල් වත්ත ලෙස හඳුන් වනු ලැබේ.