ඉතිහාසය විටක විසිතුරුය තවත් විටක යුධකාමීය තවත් විටක ගුප්ත ජනකය. සීතාවක යුගයේ ක්ශේෂයන් අතර සරන අයෙකුට හමුවන එවන් එක් ස්ථානයක් වන්නේ “කණාමැදිරියන්” වලය. සීතාවක මාලීගාවට ආසන්නව වර්ථමාන මානියම්ගම පාරෙහි අනෙක් පසින් ග‍ඟෙහි  නැමි සහිත ප‍ටු ස්ථානයකට වන්නට මෙය පිහිටා ඇති අතර විටක  ඉතිහාසය ‍රැගෙන එන  අඳුරු ගුප්ත රසය මනාව අදත් පැමිනෙන්නෙකුට ගෙනෙන සුලුය. ගගෙහි අනෙක් පසින් භෛ‍රැන්ඩි කෝවිල ආසන්නව පිහිටි මෙම ස්ථානයේ මාලිගාව දෙසට වන ඉවුරෙහි ගල්තලාව මත කොටන ලද වලවල් දැකිය හැකි අතර අතීතයේදී මෙම ස්ථානය හරහා කොවිලට යාම ඒම සදහා පාලමක් තිබුනු බවට පිලිගැනීමක් පවතීයි.   වඩාත් ගුප්ත හැගීමක් ගෙනෙන පුවතක්ද මෙම ස්ථානය ඇසුරෙන් කියවෙන අතර එනම් රාජ සිංහ රජු තම පිය රජතුමා වූ මායාදුන්නේ රජු මරනයට පත්කල බවත්, එයට භික්ෂූන් වහන්සේලාගෙන් පලවූ විරෝධය හමුවේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ ව්සගයට පත්වූ බවත් එයටද භික්ෂූන් වහන්සේලාගෙන් පලවූ විරෝධය හමුවේ උදහස්වූ රජතුමා භික්ෂූන් වහන්සේලා 120 නමක් මෙම වක්කලමෙගි  ගිලවා දැමූ බවත් කියවේ.ඒ අනූව භාවිතයට ආ ගනමැඩිවල  පසුකාලීනව “කණාමැදිරියන්” වල ලෙසට නම්වූ බවටත් සටහන් වේ.