සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ  වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් හදාරන ඔවුන් ඒවායින් හමුවෙන ගල් ආයුධ මෙවලන් හා ඔවුන් ආහාරයට ගත් සත්වකොටස්වල ශේෂයන් හදාරමමින් මේ බව පෙන්වා දෙයි. තවත් විටක සංස්කෘතික සාහිත්‍ය ඉතිහාසය උපුට දමමින් පෙන්වාදෙන්නේ අවිස්සාවෙල්ල තානායම අසල වන සීතා ලෙන වෙතට සීතා දේවිය ‍රැගෙන විත් සගවා තැබීම සදහා භාවිතාකල අතර එම සිදුවීම ඇසුරෙන් මෙම පෙදෙස සීතාවක ලෙසට නම් වෙන්නට පටන් ගත් බවකි. රාමායනයට අනූව ලංකාධිපත් රාවන රජතුමා විසින් එසේ කරන ලද්දේ රාම කුමරු රාවන සොයුරියට කල අවමානයකට පලිගැනීම පිනිස බවටයි කිය වෙන්නේ.
තවත් දෙසකින් කරුනු දක්වන ඔවුන් දෙහිඔවිට තිබිරිපොල ගම්මාවනයේ වන රජ ලෙන හි වන බ්‍රාහමීය අක්ෂර සහිත ශීලා ලේඛන ඇසුරින් පැහැදිලි කරන්නේ ක්‍රි.පූ දෙවන සියවසේ එනම් අනුරාධපුර යුගයේත් ආරම්භක යුගයට වන්නට මෙහි වූ ගම් ප්‍රධානීන් කටාරම් කරවා භික්ෂූන් වෙතට මෙම ලෙන් පුජා කරන්නට කටයුතු කර ඇති බවයි. එසේම ක්‍රි.පූ. 103 ආසන්නයේ විසූ වලගම්බා රජතුමා ආනුරාධපුර සමයේ සිදුවූ ද්‍රවිඩ ආක්‍රමන වලින් සැග වෙන්නට පලා විත්  සල්ගල හකුරුගල මෙන්ම මානියම්ගම ප්‍රදේශවල වන ගල් ලෙන් ඇසුරේ හිඳිමින් සේනාව සංවිධානය කල බවයි.