සිතාවක පිලිබඳ වැදගත්වන කරුනු කිහිපයක්…
1. පලමු කොටම වැදගත්ම කරුනක් ලෙසට හදාරන්නන් පවසන්නේ සීතාවක අවට ප්‍රදේශයේ වසර 3000කට තරම් දිවෙන අතීතකදී සිට මානව ජනාවාස පැවති භූමියක් ව තිබූ බවට සාක්ෂි වන බවයි.
2. අනුරාධපුර යුගයේ වගම්බා,, පොලොන්නරු යුගයේ පලමු විජයබා , මහ පැරකුම්බා හා ගම්පල යුගයේ පස්වෙනි බුවනෙකබා රජ දවස සීතාවක ප්‍රදේශය විවිධ වැදගත් කටයුතු සදහා යොදාගත් බව වංශ කථාවල සදහන්ය.
3. මායාදුන්නේ රජතුමා විජයබා කොල්ලයට පෙර සිටම සීතාවක සමග සම්බන්ද කම් පැවත්වූ අතර රට ජාතිය ආගම වෙනු වෙන් අමිල මෙහෙවරක් ඉටුකල වීර වරයෙකි.
4. සීතාවක බැරැන්ඩි කෝවිල මායාදුන්නේ රජ දවස ඉදිකරන්නට ඇතැයි ලිඛිත හා පූර විද්‍යාත්මක මූලාංශ්‍ර මගින් තහවුරු කල හැකිය. ක්‍රි.ව. 1551 පෘතිගීසීන් විනාශ කල කෝවිල රාජසිංහ රජතුමා යලි ඉදිකරන්නට ඇත.
5. සීතාවක රාජසිංහ රජතුමා කිසිදු සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට හිරිහැර නොකල අතර මානියම්ගම වෙහෙර – දෙල්ගමුව වෙහෙර – රත්නපුර සමන් වෙහෙර ආදී පින්බිම් වල භික්ෂූන් වහන්සේලා දලදා තේවාවන් ඉටුකරමින් විශාල ශාසනික සේවාවක් ඉටුකලහ. පත්තිනි දේවාල- සමන් දේවාල- කතරගම දේවල මෙන්ම විනාශ කර තිබූ බැරැන්ඩි කෝවිලද යලි ඉදිකර එතුමා බෞද්ධ හිංඳු සෑම ආගමකටම අනුග්‍රහය දැක්වූ වෙකි.
6. රාජසිංහ රජතුමා පියා මරා රජකමට පත්වූ වෙක් නොව පියතුමාගේ ආශිර්වාදය යටතේ රජකමට පත්වූ වීරවරයෙකි.
7. යුධ උපායේ දක්ශ අසම සම රණශූරයා වූ රාජසිංහ රජතුමාගේ මුල්ලේරියා සටන – කොලඹ කොටුව වැටලීම් අභීත යුධ ජංයක්ග්‍රහනයන්ය. රජතුමාගේ පසු බැසීම් වලට හේතුවූයේ දේශද්‍රොහීන්ගේ පාවාදීම් කැරලි ගැසීම්, යුධ හමුදාවේ අසමගිකම් හා විදේශාධාර පෘතුගීසීන්ට ලැබීමෙනි. 1592 වන විට කොළඹ කොටුව හා යාපනය හැර මුලු ලංකාවම සිතාවක රාජධානියට අයත්විය.
8. සීතාවක රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පසුවද සීතාවක මුල්කරගත් අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන් බල වෙගයන් අකරගනේ අප්පුහාමි-එදිරිල්ලේ රාල- කන්ගර ආරච්චි – නිකපිටියේ බංඩාර හා කුරුවිට රාල ආදී වීරවරයෝ ජීවිත පරිත්‍යාගයෙන් පෙරටම ගෙන ගියහ.
9. සීතාවක යුගය සාහිත්‍ය නිර්මාන රාශියක් බිහිවූ ස්වර්නමය යුගයකි.
10. සීතාවක රාජධානියේ වර්තමානයේ ඉතිරිව පවතින බැරැන්ඩි කෝවිල, ලංදේසි බලකොටුව , වෙහෙර විහාර හා දේවාල වෙනත් පුරවිද්‍යාත්මක ස්මාරක ආදිය අපගේ අතීත උරුමයේ මතක සටහන්ය. ඒවා රැක ගැනීම අපගේ පරම යුතුකමකි.