දහසය වන සිය වස වෙළඳාම් පිනිස කොලොම්තොටට පැමිනි පෘතුගීසීන් රාජ්‍ය බලය අල්ලා ගැනීමට තරම් බලවත්ව යුධ බිමට පිවිසි යුගයයි. අනුරාධපුර පොලොන්නරු යුගයෙන් උරුම ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතිය අත හැර කෝට්ටේ හා කන්ද උඩරට පාලකයෝ පෘතුගීසීන් පාමුල දන ගසද්දී සීතාවක නුවර රාජධානිය කර ගත් මයාදුන්නේ රාජසිංහ ප්‍රමුක දේශප්‍රේමී වීරවරයෝ බටහිර අධිරාජ්‍යවාදීන් තන් පාමුල දන ගැස්වූහ.
සියවසකට ආසන්න කාලයක් ලංකාද්වීපය පුරා බලය පැතිරූ සීතාවක රාජධානියේ අතීත ශ්‍රීවිභූතිය රැගත් වැදගත් දේශීය හා විදේශීය මූලංශ්‍ර අප්‍රකටව පැවතීම නිසා සීතාවක වීරවරයන්ට එරෙහි දේශීය හා විදේශීය බලවේග සීතාවක යුගය අදුරු යුගයක් ලෙස හැදින් වූහ. රාජසිංහ විරෝධී මහාවංශය , මන්දාරම් පුවත හා සුළු රාජාවලි කතුවරු රාජසිංහයෝ පීතෲ ඝාතක බෞද්ධ විරෝධියෙකු කලහ. වර්ථමාන නවකථ කරුවන් තම අභිමතය පරිදි අභිමානවත් සීතාවක යුගය අදුරු කල අතර ඒ මත ගොඩ නැගුනු කටකථා හා ජනංප්‍රවාද නිසා සීතාවක යුගය විකෘතිවිම සිදුවිය.
