වර්ථමාන අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පැරනි සීතාවක රජධානියේ අගනුවර වූ සීතාවක නුවර පිහිටා තිබුනි. සෑම ගමක් , නගරයක්, ප්‍රදේශයක් නම් කිරීම අතීත මුතුන් මිත්තෝ යම් හේතු සාධකයක් තොරා හත්හ. ගම් වල නම් විමසා බැලීමේදී, නම් තැබීමට හේතු සාධක හමුවන අතර ඒවා අද දක්වාම ජනප්‍රවාදයේ පවතී. මෙම ජනප්‍රවාද හා වෙනත් මූලාශ්‍ර සහය කරගෙන සීතාවක ප්‍රදේශය සීතාවක වශයෙන් නම් කිරීමට හේතු සාධක විමසා බැලීම වැදගත්ය.
රාමායනය නම් ඉන්දීය වීර කාව්‍යයේ ලංකාව හා ලංකාධිපති රාවන රජතුමා පිලිබඳ තොරතුරු සදහන් ය. රාම කුමරු රාවන සොයුරියට කල අපහාසයට පලිගැනීමට රාවන රජතුමා සීතා දේවිය පැහැරගෙන දඬුමොනර යානයෙන් ලංකාවට ‍රැගෙන ආ බව සදහන්ය. සීතා දේවිය වරින් වර නොයෙක් ප්‍රදේශවල සගවා තැබූ බවත් අවිස්සාවේල්ල තානායම අසල කඳු ගැටයේ පිහිටි ගල් ලෙනද එම ස්ථානයකි. සීතා දේවිය සිටි නිසා මෙම ගල් ලෙන “සීතා ලෙන” වශයෙන්ද , සීතාදේවියගේ ජල අවශ්‍යතා ඉ‍ටු කර දුන් දිය පහර සීතා පීල්ල ” වශයෙන්ම් හදුන්වයි. ඇය දිය නෑ ගඟ සීතා ගඟ ලෙසද පසුව සීතාවක ගඟ ලෙසද හඳුන්වයි. සීතා දේවිය සිටි නිසා මෙම ප්‍රදේශය සීතවක නම් විය. මාඔය අසල පල්ලම්සේන නම් ස්ථානයේ රාමරාවනා මහා සංග්‍රාමයක් සිදු වූ අතර , රාවනගේ සෙන්පති ඉන්ගරුතිල එහිදී මිය ගියේය. එම දේහය කොබෝතුරා පර්වතයේ ගුහාවක තැන්පත්කර විශාලපර්වතයකින් වස තැබූබව පෝල් ඊ . පීරිස් මහතාගේ “ලංකාව පෘතුගීසි යුගය” නම් පොතේ දක්වා ඇත. මෙම යක් සොහොන “යකහ‍ටුව” කම්ද ලෙස වර්ථමානයේ ප්‍රසිද්ධය. මේ අනූව සීතාවක අතීතය රාම රාවනා යුගය දක්වා විහිදී යයි.
සීතාවක හටන ලියූ අලහප් පෙරුම කවියාද සීතාවක පිලිබඳ ජනප්‍රවාදයක් ඉදිරිපත් කරයි. රාවන රජතුමා ලංකාව පාලනය කල අනෙකුත් රාජවරුන් ඝාතනය කර රජකමට පත්විය. ඝාතනය කල සෑම රජකුගෙන්ම ලේ කලය බැගින් ගත්තේය. ඒක් රජ කෙනෙකු පලා ගොස් තපසයෙකු ලෙස ජීවත් විය. එතුමා සොයා පැමිනි රාජ පුරුෂයෝ තපසයෙකු නිසා නොමරා කලව ප්‍රදේශයෙන් ලේ කලයක් ‍රැගෙන ගියහ. රාජ සභාවේ සිදුවූ අද්භූත සිද්ධියක් නිසා ලේ කලය වල දැමීය. පසු කලෙක කුඹුරු සීසෑම කල ගොවීන්ගේ නගුලකට මෙම කලය හසු විය. විවෘත කොට බලන විට කුමාරුකාවක් හමුවිය. හීවැලකදී හමුවූ කුමරිය සීතා නම්න් ප්‍රසිද්ඪ්ජ වූ අතර ඇය සිටි ප්‍රදේශය සීතාවක නම් විය.
සිරිපා අඩවියෙන් ගලා එන ගංගාව කනාමැදිරියන් වල අසල දී අංශක 45  පමන වක්වී ගල බසී. මෙම වක් වූ ස්ථනයේ ජලය ඉතා සීතලය. සීතල +වක පසුකලෙක “සීතාවක” නමින් හැදින් විය.
ක්‍රි.ව. 1521 සිතාවක රාජධානිය බිහිවීමට පෙර සිටම මෙම කැලනි මිටියාවත සාරවත් ගොවි බිමකි. ගම්පොල රජකම් කල පස්වන බුවනෙකබා රජතුමා (ක්‍රි.ව, 1371-1408) සියනෑ කොරලයේ වැල්ලබුරේ ජයසුන්දර මුදලිට සීතාවක මුදලිකම හා පෙතන්ගොඩ නිදන්ගමද ප්‍රදානය කර ඇත. සීතාවක යනු සිතා + අඩක සංඳිවීමෙන් සැදුනු බවත් සීතාවක (හීතා) යනු වී ගොවිතැන සම්බඳ වචනයකි. අඩක හෙවත් අදෙක යනු අධ්‍යක්ෂ යන අර්තය දෙයි. ඒ අනූව මෙම ප්‍රදේශය වී ගොවි තැන හා සම්බන්ද පරිපාලන නිලඪ්ජාරියෙකු යටතේ තීබූ සාරවත් ප්‍රදේශයක් බවත් , එම නිලධාරියාගේ තන තුරු නාමයෙන් “සීතා ඩක” පසුව සීතාවක වූ බවත් “මහචාර්ය රිසිමන් අමරසිංහ” මහතාගේ මතයයි.