සීතාවක නුදුරු උස් කඳු මුදුන යකහටුවයි. (යක + ඇහැටුව) සැදෑ කල කඳුමුදුන්වල පතිතවන හිරුරැස් රැස්සිගේ අවුව්ව හැටියට ගැමියෝ අදහති. රාස්සිය මේ අවුවෙන් වි පැදුරු හතක් වේලා ගන්නේලු. ගිරි දේවිය (පාර්වතී) හා ශෂ්‍ය පිලිබඳ සබඳ කම මෙයින් හෙලිවෙයි. කාලිය කඳු මුදුන් වලට අරක් ගත් විට ගිරි දේවියයි. කාලිය, ගිරි දේවිය, බිරාඬි, පත්තිනි, සීතා ඇදහීම ඈත අතීතයේ සිටම පැවති බවත් බිරාඬි දෙවොල සීතාවක සමයට වඩා පැරණි විය හැකි බවත් මේකරුනු වලින් සනාත වෙයි. පියාගේ මරණය පිලිබඳ චෝදනාව මත කලකිරීමකින් පසුවූ රාජසිංහ රජුට භික්ෂූන් වහන්සේගෙන් පිලි සරනක් නොලඳ විට අවස්ථාවාදී අරිට්ඨකී වෙන්ඩු ඊට ඉදිරිපත් වූවෙන් භිරාඬි දොවොලේ පාලනය ඔහුට ලැබුනා විනා එහි නිර්මාපකයා ඔහු නොවුනු ඇත.
මෙහි සඳහන් මායාදුන්නේ පුරය සීතවකම බව ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයෝද පිලිගනිති. එසේ නම් මේ දිවි භූමක උපුල් වන් දේවාලය කොදැනකද? පැරණි සීතා, පත්තිනි, කාලි දෙවොල් බිමේම මෙය ඉදිවන්නට ඇත. පාෂාන මය ගොඩනැගිල්ලක් ඉදිකොට උපුල් වන් දෙවි රුවක්ද තැබුවා විය හැකියි. ආදිගුරුන්ගේ බලයට යටත් වූ පසු මෙම වෛශ්නව + ගෞරි දේවාලය ශිව +උමා දෙවොලක් බවට පත්වන්නට ඇත. මෙය බටහිරට මුහුනලා තිබීම විශේෂයෙන් වරුණ හා සම්බන්ද කල හැකි ශාක්ෂියකි. මෙම බිම අදත් මහනුවර විෂ්නු දේවාලයට අයත්වීම තවත් සාධකයකි.
සීතාවක යුගයටත් පෙර සිටම දකුනු ඉන්දියාවෙන් තවුස් වෙස් ගෙන මෙහි සංක්‍රමනය වූ සන්‍යාසීන් නිසා උමා වැනි දේව ඇදහිලි වලට අමතරව යන්ත්‍ර මන්ත්‍ර විධි හදිහූනියම් ඇස්වහ කටවහ හෝවහ ආදිය පිලිබඳ අදහස් බෙහෙවින් ප්‍රචලිත වන්නට ඇත. මිනිසාට සම්පත් දෙන්නේ දෙවියන්ය.(දේවෝ ඳානාත්) ව්‍යසන පමුනු වන්නේ යකුන්ය. ග්‍රහයෝ ඒ දෙකම කරති ග්‍රහ අපල දුරු කිරීම සඳහා ජ්‍යතිශය දත් ඇදුරන් ලවා කේන්ද්‍රය පරික්ෂා කරවා බලියාග කෙරේ. කෝට්ටේ අවදියේ විසූ ශ්‍රී රාහුල හිමි ජෝතිෂය දැනීම අතින් ඉහල මට්ටමක සිටි කෙනෙකි. බමුනන් පවා තොටගමුව විජයබා පිරිවෙනෙහි අධ්‍යාපනය ලද බව ගිරා සංදේශය කියයි.
– පොත පත ඇසුරෙනි