මෙම නගරයට සීතාවක යන නම භාවිතා වී ඇත්තේ මෑතකදි විය හැකිය. 16 වන සියවසට පෙර සීතාවක නම භාවිතා වූ තැනක් නොදනිමි. එහෙත් “මයාදුනු පුර” යන නම පැරනි බවක් පෙනේ. “දුනු” යන පදයෙන් “දිනූ” (උපන්) යන්න අදහස් වේ. එමෙන්ම ජයගත් යන අදහසද එහි ඇත. මහයා කෙනෙකු උපන් හෝ ජයගත් නුවර “මායාදුනුපුර” වූ බව පැහැදිලිය. මායාදුන්න වූයේ පසුවය. මහා ආධිපාද හෙවත් මහ ඈපා මහයායි. සිංහල සිරිත අනූව කෙනෙකු රජකමට පත්වන්නේ ඈපා (ආදිපාද) මහයා (මාහාදිපාද) තනතුරු ඉසිලීමෙන් පසුවය. ත්‍රී සිංහලයේ මාහයාගේ රට මායා රටයි.
දහසය වන සියවසට පමන අයත් ලිපි රැසකම සෙල්ලිපි මේ බව කියවෙන පාථ ඇතුලත්ය. සීතාවක උපන් හෝ ජයගත් මහයා කවරෙක් දැයි නිශ්චිත සටහනක් නැත. සීතාවකට නුදුරු තිඹිරිපොල රජෙකුගේ තිඹිරිගෙය තිබූ ගම හැටියටද සැලකේ. එහෙත් එහි උපන් මහයා කවරෙක්ද? මහනියම්ගම නමින් හැඳින්වෙන්නේද මහයාගේ නියම්ගම විය යුතුයි. රජමාලිගාව වූවේද මේ ගමේය. මහ පැරකුම්භාහු මණාභරණ යුගයේදී රුහුණට සෙනවි වරු සිව් දෙනෙකු යවා ඇත.
ඉන් එක් සෙනවියෙකු මහනියාම ප්‍රදේශය භාරව යැවූ බව චූල වංශය සඳහන් කරයි. මේ මහ නියාමය මහ නියම් ගමයි. මයා ගේහ නම් සෙනවියෙකු ගැනද මෙකල සඳහනක් ඇත. සීතාවකත්, මායා දුනු පෙදෙසත් මානියම්ගම්ගමත් එකම පෙදෙසක් සේ සැලකීම වැරදි නැත.
16 වන සියවස මුලදී වූ විජයබා කොල්ලයෙන් පසු බුවනෙකබාහු කෝට්ටේ රජ විය. මායාශුනු පුරයට පැන ආ සිරි විජයබා කුමරු ( ගනේ ගොඩ යාදින්න අනූව) මායා දුනු රජු විය. රයිගමට ගිය කුමරු රයිගම් බණ්ඩර විය. කලින් සිට දැන සිටි පලපුරුදු ප්‍රදේ ශ බැවින් ඔවුන් මේසේ පලා එන්නට ඇත.
එකවන රාජසිංහ සමයේ සීතාව්ක නගරය පැවතුනු අන්දම පිළිබඳ ප්‍රමානවත් අවබෝදයක් සැවුල් සංදේශය ඇසුරින් ලද හැකිය. දෙවි විමනක් රජවිමනක් අතරින් සීතාවක නඳිය ගැලුවාය. දෙවි විමණ තල්දූවේ පිහිටි බිරාඬි දෙවොලයි. රජ විමන මානියම් ගම වර්ථමාන බන්ඩාරවත්තේ රජමාලිගාවයි.
– පොත පත ඇසුරෙනි
