තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි. ගැටහැති ඔයත් සීතාවක නදියත් එකවන මේ පෙදෙස නිතර ගංවතුරට යටවේ. සීතාවක නඳියට වඩා ප්‍රබලව ගැටහැති ඔය ගෑලූ ඈත අවදියක ගැටහැති ඔයේ ගෙන ආ මැනික් ඉල්ලම්ස් සහිත අවසාධිත තැන්පත් වී පහල තල්දූවට මැණික් පහල වන්නට ඇත. ගුරුපස්ගොඩට ඉහලදී සීතාවක නඳිය දෙපස මැණික් ඉල්ලම් නැත. එසේ නම් ගැටහැති ඔය ඈත අවදියකදී කෝවිල් බිමද පසුකොට උතුරුට ගලාවිත් ගුරුපස්ගොඩ හරියේදී හැරී තල්දූවේ උස්බිම් වටකරමින් ගලා යන්නට ඇතැයි සිතමි.
තල්ශූවේ පිහිටි දූපත් කවරේදැයි විමසා බලමු. භෛරව කෝවිළ පිහිටි බිම එකකි. අද සෝමාරාමය පවතින බිමත් මළුව පිටවත්තත් තවත් දූපතකි. ගණ පංතියද මීගහගොඩැල්ලද දූපත්ය. තල්දූව නගරය පිහිටුයේ අංගම්පිටිය ගොඩ වත්තේයය. එද යුධ සරඹ දැක්වූයේ මෙහිවිය හැකිය. පැරණි මුස්ලිම් වෛද්‍ය පරම්පරවේ ඉඩමද ගොඩවත්තකි. රාජසේකර දූවේගොඩ රණසිංහ මුදියන්සේ වූ මුස්ලිම් වෛද්‍ය පරපුරට අයත් දූවේගොඩ වත්ත මිස අන්තැනක් නොවේ. තල්දූවෙන් ඇපලපිටිය ගුරුගල්ල පාර ආශ්‍රිතව ගොස් යාලේගම නාපාවල, කපුවැල්ල, දයිගල හරහා රුවන්වැල්ලට පැරණි මාවත වැටී තිබුනි. තල්දූව වෙළඳ පොලට වම් පසින් ගණ පංතියේ එදා භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නට ඇත. තැපැල් කාර්යාලය අසල වලැවත්ත ප්‍රභූවරයෙකුගේ වලව්වක් තිබුනු බිමයි. මුස්ලිම් පල්ලිය පිහිටි බිම කුස්සිය මුල්ල වත්තයි.
තල්දූව පසුකර මද දුරක් ගියවිට දකුනු පස පෙදෙස කිරිඅම්මල කන්දයි. වම් පසින් ගොලෑබොක්කයි. වීරසුන්දර බණ්ඩාරට වලගම වට්ටාරම දෙන ව්‍යාජයෙන් සීතාවකට ගෙන්වා ගොලෑබොක්කේ බොරුවලක දමා මැරවූ බව ජනවහරයි. තව ටික දුරක් යන විට වැලිවිටියයි. උඩරටින් පැරදී ආපසු එන රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනී අසාධ්‍ය විය. කරවනැල්ල හරහා සීතාවකට එන විට කරවනැල්ලේදී කොරවුනු බව කියවේ. (රජු කොරවුනු ඇල්ල) කරව නැල්ල වූබව් අගමියෝ කියති. ආපසු කැළණි ගඟ දිගේම පහල අඟුලෙන් විත් යලි සීතාවක නඳිය දිගේ ඉහල එමින් සිටියදී කිකිලි බිත්තර වැල්ලේදී රජු මියගියේය. ගඟේ සිට ඇලමගක් දිගේ අඟුල පිටින්ම රාජදේහය පාකර ගෙන විත් දෝනාවක් තුලට දමා අවසන් කටයුතු කල බව ගැමියන්ගේ විශ්වාසයයි. මේ සොහොන් බිම අදද වැලිවිටිය හරියේ හොයා ගෙන ඇත. රාදේහයට අත තැබීමට සුදුසු රාජකීයයෙකු නොසිටියෙන් මෙසේ අප්‍රසිද්ධව අවසන් කටයුතු නිමකල බව කියැවේ.
ආඬිගුරුවරුන් ගඟ හරස් කර පස්ගොඩ ගුරුපස් ගොඩ විය හැකිය. මේ හරියේ ගඟට සමාන්තරව ගොඩ කල වැටියක ලක්ෂන ගං ඉවුර දිගේ පෙනේ. ගංවතුර ගැලූ විට ගග මෙතැනින් හැරී ගැටහැතිඔයේ එන ජලයත් සමග තල්දූව නගරය මැදින් ගොස් ගොලෑබොක්කේදී නැවත ගගට එක්වෙයි. මෙසේ අවිස්සවෙල්ල, මානියම්ගම , තල්දූව , මාදොල යන ගම් එදා සීතාවක නගරයට ඇතුලත්ව තිබුනු බව පැහැදිලි වේ. තැලුම්පිටිය දිවුරුම්පිටිය වැනි ගම්වලදී වැරදිකරුවනට දඩුවම් පැමින වූ බවද විශ්වාස කෙරේ.
– පොත පත ඇසුරෙනි
