මීන්නාන
ගැටහැත්ත පසු කල විට හමුවන නගරයයි. අතීතයේ මසුන් බහුලව සිටි ජලාශයක් තිබූ බවත් මසුන් ඇති වේල්ල හෙවත් මීන්+වාන මීන්නාන වූ බව ජනප්‍රවාදයයි.
තොරනකඩ
මීන්නාන අසල ගමකි. අතීතයේ ආතුරයෙකුට ආවේශවූ යකෙකු ඇදුරාට බයවී තොවිලයේ තොරන (මල් පැල) කඩා ගෙන දිවගිය බවත් තොරන කැඩූ ප්‍රදේශය හෙයින් තොරනකඩ වූ බව මතයයි.
පුවක්පිටිය
අතීතයේදී පුවක් සදහා ඉහල මිලක් ලැබුනි. වෙළඳාමට පුවක් ‍රැගෙන ඇවිත් තබා තිබූ ප්‍රදේශය පුවක්පිටිය නම් විය.
හේවායින්න
සීතාවක හමුදාවේ දක්ෂ හේවායින් සිටි ප්‍රදේශයයි. හේවායින්ට සැලකීමක් ලෙස මෙම නම ගමට තබා ඇත.
කොස්ගම
බත් වාගේම ප්‍රධාන ආහාරයකි කොස්. එබැවින් කොස් ගස බත් ගස වශයෙන්ද හඳුන්වයි. කොස් ගස් බහුලව තිබූ ප්‍රදේශය කොස්ගම වශයෙන් නම් තබා ඇත.
කනම්පැල්ල
අතිතයේදී ප්‍රභූවරුන් ගමන් බිමන් ගියේ දෝලාවෙන් හෙවත් කුණම් වලිනි. රාජසිංහ රජතුමාද සීතාවක සිට සියනෑකෝරලයට යාමට කනම්පැල්ල තො‍ටුපල තිබෙන ස්ථානයට කුන මෙන්පැමිනි බවත් කුනම්තබන ස්ථානය කුනම්පොල පසුව කනම්පැල්ල වූ බවට මතයකි.
හංවැල්ල
අතීතයේදී හැදින් වූවේ ගුරුබෑවුල වශයෙනි. ගගෙන් එතෙර ඇති සමන බැද්ද විහාරයට හෝ වෙනත් බෞද්ධ ආරාමයකට පුදූ වෙල්යායක් තිබූ බවත් සඟවෙල, සංගවෙල, සංවෙලපසුව හංවැල්ල වූ බවටද මතයක් පවතී.
කිරිඅම්මලා කන්ද
ටිකිරි කුමරුට කිරි දීමට කිරි මව්වරුන් ගනනාවක් සිටි බවත් ඔවුන් ගේ නිවාස තිබූ ප්‍රදේශයයි.
තල්දූව
මහනුවර විෂ්ණු දේවාලයට අයත් නිදම් ගමකි. නුවර පෙරහැර කාලයේදී මෙම ගම් වාසීන් පහන් දැල්වීමට තෙල් ලබාදිය යුතුය. ගංවතුර කාලයට වතුරෙන් වටවීම නිසා මෙම ප්‍රදේශය දූවක හෙවත් දූපතක හැඩය ගනී. තෙල් දෙන දූව තෙල්දූව පසුව තල්දූව බවට මතයකි.
අමිතිරිගල
සීතාවක රජ දවස ගව සම්පතට ඉහල පිලිගැනීමක් තිබින. රජවාසලට වෙලදාම් පිනිසද අමු කිරි සැලයූ ගාල තිබූ ප්‍රදේශය අමු කිරි ගල අමිතිරිගල වූ බවට මතයක් පවතී.
පල්ලේකනුගල හා උඩකනුගල
ගවපට්ටිය පහල ගාල්කර තිබූ විට පල්ලේ කනු ගාල වශයෙන්ද ඉහල ප්‍රදේශයේ ගාලකල විට උඩ කනුගාල වශයෙන්ද හැදින් විය. පසුව පල්ලේ කනුගල හා උඩකනුගල වශයෙන් හැදින් විය.
තිඹිරිපොල
දෙහිඔවිට ආසන්න ගමකි. තිඹිරිගස් බහුලව තිබූ නිසා තිඹිරිපොල වූ බවත් සීතාවක රජමාලිගයේ බිසෝවරුන් දරුවන් බිහිකල තිබිරි ගෙය තිබූ නිසාද තිඹිරිපොල වූ බවටත් මත දෙකක් පවතී.
යෝගම
අතීතයේ සිටම බ්‍රහ්මචාරීව ගත කරන්නන් යෝගීන් වශයෙන් හැඳින්වූ අතර ඔවුන් භාවනා කරමින් කල් ගෙවූ ප්‍රදේශය හෙවත් යෝගීන් සිටි ගම යෝගම වූ බවට මතයකි. දෙහිඔවිට සිට පනාවල මාර්ගයේ පිහිටා ඇත.
අ‍ටුලුගම
සීතාවක හමුදාවන් පෘතුගීසීන්ට එරෙහිව යුද කිරීමට අට්ටාල බැදි යුත් කදවුරක් තිබූ ප්‍රදේශයයි. එදිරි එල්ලේ රාල එදිරි එල්ලේ බන්ඩාර වශයෙන් රජ බවට පත්වූවේද අටලු ගමදීය.
දේවාල කන්ඳ
කදු මුදුනේ පත්තිනි දේවාලයක් තිබූ නිසා මෙම නම ලැබුනි. පසුව දේවලය කබුළුමුල්ලට ගෙනයන ලදී.
කරවනැල්ල
පෙතංගොඩ උයනේදී රෝගීවූ රාජසිංහ රජතුමා කැළණි ගඟ දිගේ අගුලකින් සීතාවක බලා කැඳවා ගෙන ඒමේදී අතපය  කොරව සිටිනු දැක ගත හැකිවිය. කොර වූ ඇල්ල පසුව කරවනැල්ල විය.
කබුළුමුල්ල
පත්තිනි දේවාලයේ පෙරහැර අවසන් වූ පසු කප පෙරහැරින් ගෙන ගොස් කැළණි ගඟට දමනු ලැබේ. කප ලූ මුල්ල පසුව කබුළුමුල්ල නම් විය.
රුවන්වැල්ල
ඉන්දියාවේ සෙරිමාන්න නම් අයෙක්  රජතුමාගේ අසනීපයකට ශන්තිකර්මයක් කිරීමට ලංකාව පැමිනි අතර නවගමුව පත්තිනි දෙවියන් වැද ගම් මඩුවක් කිරීමට සුදුසු ප්‍රදේශයක් සොයමින් යන විට රුවන් වැසි වැ‍ටුන බවත් පසුව එම ප්‍රදේශය රුවන් වැල්ල වූ බවත් ජනප්‍රවාදයයි.
දැරනියගල
කඳු මැදගම  ලෙස හැදින් වූ මෙම ප්‍රදේශයේ විශාල දැව කඳක් ගගේ සිරවී ජල ගැලීමක් ඇති විය. දැව කඳ කපා ගම නිදහස් කරගත් බැවින් දර +නිය+ගල පසුව දැරනියගල නම් විය.