අවිස්සවේල්ල
ලන්දේසි යුගයේ පටන් භාවිතා වූ නමකි. නම පිලිබඳ මතවාද කිහිපයකි.
අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසල වෙල හරහා තාවකාලිකව පස්ගොඩ කර මාර්ගය සාදා තිබුනි. වර්ෂා කාලයේ සැඩ ජල පහරක් වේල්ල හරහා ගගට ගලා යාම නිසා වේල්ල් බිඳීයාම නිතර සිදුවිය. අවිස්වාස වූ වේල්ල තිබූ නිසා අවිස්වාස වේල්ල පසුව අවිස්සාවෙල්ල විය.
පෘතුගීසි ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි ගත් රණකාමීන් සිටියේ සීතාවක රාජධානීයේය. සතුරාට එරෙහිව සීතාවක හමුදාව අවි+ඉස්සූ+වෙල පසුව අවි+සහ+වෙල වී අවිස්සාවෙල්ල විය.
පෘතුගීසීන් ලංකාවේ සිටියම් සකස් කීමේදී පාලන ප්‍රදේශ වෙන්කර දැක්වූහ. සීතාවක අවට වෙන්කර දැක්වූවේ අවිසෝ+වෙලා යනුවෙනි. අවිසෝ යනු සතුරාය. වෙලා යනු ප්‍රදේශයයි. සතුරාගේ ප්‍රදේශය හෙවත් අවිසෝ වෙලා පසුව අවිස්සාවෙල්ල විය.
මානියම්ගම
මායිම් කෙටූ ශීලා ස්ථම්භ හතරක් හතර කොන පැවති නියම් ගම් දස දහසකින් යුත් විසාල ප්‍රදේශයකි. මානියම්ගම රට හෙවත් මානියම්ගමයි.
ගල්පීල්ලවත්ත
බැලුම් කන්දේ සිට එන උල්පත් ජලය මිනිස් අවශ්‍යතා සදහා ලබ ගැනීමට පීල්ලක් ගල් ඇන්දක සවිකර තිබුනි. මෙම ජල පීල්ල ගලෙන් එන නිසා ගල්පීල්ල නම් වූ අතර වර්ථමානයේත් ඇත්පංතිය පාරේදී ගමන් කරන විට මෙය හමුවේ. බැලුම් කො‍ටුවේ සිටි පෘතිගීසීන්ද ජලය ලබා ගත්තේ මෙම පීල්ලෙනි. ගල්පීල්ල නිසා මෙම ප්‍රදේශය ගල්පීල්ල වත්ත නම් විය.
ඇත් පංතිය
සීතාවක රජවාසලේ අලි ඇතුන් සිටි ඇත්ගාල තිබූ ප්‍රදේශයයි. අලි ගාල තිබූ ස්ථානයයි. දිය නෑවූ වැව හා හෙන්ඬු ගෑ ගලද අදත් එම ප්‍රදේශයේ දැක ගත හැකිය.
බන්ඩාර වත්ත
බණ්ඩාරවරුන් යනු උසස් කුලවල සාමාජිකයන්ටයි. (රජපවුලේ සාමාජිකයන් හෝ රදල කුලයේ අය) මේම් ප්‍රභූ වරයෙකුට අයත් ප්‍රදේශය බන්ඩාර වත්ත හදුන්වයි.
මාලිගාවත්ත
සීතාවක රජ මාලිගාවේ හා ලන්දේසි බල කො‍ටුවේ නටඹුන් පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට අයත් ඉඩමයි.
බන්ඩිගෙ වත්ත
දොම්පේ ගනිතයාගේ දුව බන්ඩිය රාජසූරිය කුමරු සීතාවක රජකමට පත්වූ පසු ඇය කැදවා ගෙන විත් නවත්වා සිටි ප්‍රදේශයයි.
ගල බලන කන්ද
රාජ සිංහ රජතුමාට හිස සුන් මාළුවෙකුගේ කඳ ගෙනවුත් දුන් යකහ‍ටුව කන්දේ මුල පොලේ සෙබලාට “ගලබලන්නාගේ”  යන වාසගම රජතුමා ප්‍රධානය කරන ලදී. ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සිටි කන්ඳ ගල බලන්නලාගේ කන්ද පසුව ගල බලන කන්ද විය.
පතහවල
විශාල දිය වලක් තිබූ නිසා මෙම ප්‍රදේශය පතහවල නම් විය. එහෙත් ගංවතුරෙන් හා පස සෝදා විත් එම වල ගොඩ වී සරුසාර කුඹුරු යායක් බවට පත්වී ඇත
පට්ටිය වත්ත
රජවාසලට පස් ගෝ රස සැපයූ ගව පට්ටිය සිටි ප්‍රදේශයයි.
වලව්වත්ත
රාජකීය පවුලට අයත් ප්‍රභූවරයෙකු සිටි භූමියයි. මෙම ඉඩම වට සීමාව දක්වන අගලක් හා ඇලද ඇති අතර මෙහි පදිංචිව ප්‍රභූවරයා කවරෙක්ද යන්න ඉතිරවම හදුන්වා දීමට නොහැකිය.