ලංදේසීන් සීතාවක ප්‍රදේශය අත්පත් කරගෙන සීතාවක මලිගා භූමියේ සුරක්ෂිත බව අවබෝධ කරගත්හ. මුර අට්ටාල හතරක් සහිත විශාල බලකො‍ටුවක් ක්‍රි.ව. 1675 -1685 කාලයේ ඉදිකලහ. මෙම බල කො‍ටුවේ සේවය කල ස්වෙට්ෂර් නම් ජර්මන් ජාතික කූලී හේවායාගේ යුද්ධ වාර්ථාවේ එම සෙබලා තවත් සෙබළු පිරිසක් සමග මානියම්ගම රජමහ විහාරයට ගොස් චෛත්‍ය දෙකක් විනාශ කර ලෙන් විහාරයට පිදුරු ඔබා බිනිතැබූ ආකාරය ගැනත් විස්තර සඳහන්ය. මේ අනූව ලංදේසි යුගයේද මානියම්ගම රජමහා විහාරය විනාශ වන්නට ඇත. එහෙත් තුන්කෝරලයේ මුදුන් මල් කඩ වන් මානියම්ගම රජමහා විහාරයේ සංවර්ධනය වෙනු වෙන් කඳ උඩරට නායකයෝ ඉදිරිපත් වූහ. ශ්‍රී වීරපරාක්‍රම නරේද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ රජවරු විහාරය ප්‍රථිසංස්කරනය කර ඉඩකඩම් හා පූජා වස්තු පරිත්‍යාග කර ඇත.
මානියම්ගම රජමහා විහාරය අංග සම්පූර්න ප්‍රථිසංස්කරනය කර විශාල ආගමික ප්‍රබෝදයක් ඇතිකලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. ගනේකුඹුර හා අනෙකුත් පූජාවස්තු පූජා කර දුරුතු පුන්‍යෝත්සවය හා රාජකීය කරල් පෙර හැර ආරම්භ කලේ එතුමාය. වැලිවිට සරනංකර සංඝරාජ නාහිමියන්ගේ උපදෙස් මත ප්‍රධාන ශිෂ්‍ය බුද්ධගුප්ත හිමියන් විහාරාධිපති තනතුරට පත්කර පියවරෙන් පියවර දියුනුව කරා මෙහෙය වන ලදී. බුද්ධගුප්ත හිමියන්ගෙන් පසු සුද්ස්සී, තිඹිරිපොල ධම්ම දස්සී , බෝලවලානේ සරනංකර හිමිවරු විහාරාධිපති ලෙසට විශාල කාර්යභාරයක් ඉ‍ටුකලහ.
පොත පත ඇසුරිනි.