නෙක ආකාරගත් හැලහැප්පීම් වලින් බහුල වූ සීතාවක යුගය ක්‍රි.ව. 1592 වන විට අවසානය බව සටහන් වන්නේ සීතාවක රාජසිංහ රජුගේ අභාවයත් සමගය. අස්ථාවර වූ සීතාවක සිහසුන වෙනු වෙන් පැවති බල අරගලය නිසා තවත් දුර්වල විය. පෘතිගීසීන් සමග එකතු වූ අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් ක්‍රි.ව. 1595 දී කෝට්ටේ හමුදා සමග පැමින සීතාවක යටත් කරගෙන වස්තු, දේපල සොයා නගරය කොල්ලකා ඉන්පසු ගිනි තැබූහ. රජමාලිගය, බිසෝමාලිගාවත් පරිවාරමන්දිර ආදියෙන් දෙව්පුරය සේ අලංකාර සීතාවක පුරය විනාශකර දැමූහ.
ෆරියායි සෞසා නම් යුද්ධ නිලධාරියා පවසන්නේ ක්‍රි.ව. 1619 වන විට මහාර්ඝ මාලිගාවල හෝ නිත්‍යා දෘෂ්ටික සිද්ධස්ථාන වල සැබැවින්ම ගලක් මත ගලක් ඉතිරි නොකල බවයි. තවකෙකු දක්වනුයේ ඒ මහා නගරයේ පැවතියේ එක්ම එක අටල්ලක් බවයි. මේ අනුව සීතාවකට කඩා වැදුනු පෘතුගීසී හමුදා මාලිගා සංකීර්නය පමනක් නොව මානියම්ගම රජමහා විහාරයද විනාශ කල බව සිතිය හැකිය. සීතාවක යුගයේ මානියම්ගම රජමහ විහාරයේ වැඩ සිටි කොටකේදෙනියේ දම්මරංසි, සිටිනා මළුවේ සෝභිත, සිටිනා මළුවේ ධම්මපාල යන හිමිවරු ආරක්ෂාව පතා කන්ද උඩරටට පලා යන්නට ඇත.
– පොත පත ඇසුරෙනි.