සීතාවක යුගයේ ආර්ථිකය පිලිබඳව වන හැදෑරීමේදී හදාරන්නන් යෝජනා කරන ආර්ථික භෝග අතර කුරුඳුවලට සැලකිය යුතු තැනක් හිමේ වේ. මාතර, තුන්කෝරලය මෙන්ම කන්ද උඩරටද කුරුඳු සරුවට වැඩුනු අතර පෘතුගීසීන් ලකාවට අවධානය වැඩි යෙන් යොමු වීමටද මෙම ලෝකයේ ස්තරම් කුරුඳු නිපදවන්නෙකු ලෙසට වූ පිලිගැනීම සඳහන්වේ. ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රි.ව. 1575 වන විට කුරුඳු කුයින්ටල් එකක් සදහා රි. 1980ක වටිනාකමක් වූ බවට පෘතුගීසී වෙළඳ වාර්ථා පැහැදිලි කරන බවයි. මීට අමතරව ලොව ස්ථරම්ම ගම්මිරිස් නිපදවන්නා ලෙසටද ලංකාව ලැබී තිබුනු තැන ද පැහැදිලි කෙරේ. අතුරු භෝගයල් ලෙසට වගා කලද ඒ සදහා වෙළඳ පොලේ ඉහල මිළක් පැවතුන බවටයි පැහැදිලි කරන්නේ. සීතාවක රාජධානියේ ආර්ථිකය සැලකීමේදී ඔවුන් කුරුඳු, ගම්මිරිස් වැනි කුලුබඬු අලවියෙන් හොඳ ආදායමක් ලබන්නට ඇති බවට පවසනවා.
පුවක් වෙළඳාමද පෙන්වා දෙන හදාරන්නන් එකල භාවිතාව ඇනුව පුවක් අමුනු එකක් යනු ගෙඩි 24000කි. අලුත්කූරු, සියනෑ,නුලත්ගම වැනි ප්‍රදේශවලින් බහුලව පුවක් ලබාගන්නට හැකි වූ අතර මේවායේ ප්‍රධාන ගැනුම් කරුවෙකු වූවේ ඉන්දියාව බවටයි සටහන් වන්නේ. පුවක් සමග රෙදි හුවමාරුව වන්නට ඇති බවට පිලිගැනෙන අතර සීතාවක හටන කර්හුවරයාද ඉන්දියාවේ මධුරාපුරයට පුවක් අලවි කිරීම පිලිබඳ තොරතුරු ‍රැසක් ඉදිරිපත් කර තිබේ.
මැණික් සබරගමුවේ බහුලම ඛනිජ සම්පතයි. කුරුවිට, රත්නපුර , නිවිතගල ආදී ප්‍රදේශ ‍රැසක මැණික් අකාර තිබූ බව සීතාවක හටන්කරු තොරතු දක්වයි. අවිස්සාවේල්ලේ මානික්කාවත්ත, තල්දූව මාරඹේ, ගැටහැත්ත, ඇහැලියගොඩ ආදී ප්‍රදේශවලද අදත් මැණික් බහුලය. සීතාවක මැණික් සදහා දේශීය මෙන්ම විදේශීය ඉහල වෙළඳ පොලක් තිබුනි. හලාවත ප්‍රදේශය ලොව හොඳම මුතු සම්පත සදහා ප්‍රසිද්ධය. ක්‍රිව. 1592වන විට හලාවත ප්‍රදේශයද සිතාවක ප්‍රදේශයට අයත්ය. ඒම නිසා සබරගමුවේ මැණික් මෙන්ම හලාවත මුතුවලින්ද සීතාවක ආර්ථිකය පෙහොසත් විය.
ලංකාවේ අලි ඇතුන් රජතුමාට අයත් සම්පතකි. සබරගමුවේ වනාන්තරවල අලි ඇතුන් බහුලය. යුධ කටයුතු හා බර වැඩ සදහා ද අලි ඇතුන් බහුලව යොදා ගත්හ. කොස්ගම අකරවිට ලෙනදොර ඇත්ගාල, කඹුරාපොල අලිකඩුල්ල ආදී ඇත් ගාල් ‍රැසකින් අල්ලා ගත් අලි ඇතුන් මානියම්ගම ඇත්පන්තිය ප්‍රදේශයේදී හීලෑකර ඇත. හීලෑ අලි ඇතුන් මෙන්ම ඇත් ඳල හා ඇත් ඳැල ආශ්‍රිත නිර්මාණ වලටද ඉහල මිළක් හිමි විය. කූරූවේ බද්ද වදයෙන් වෙනම දෙපාර්ථමෙනතුවක්ද රජතුමා යටතේ අලි ඇතුන් ඇල්ලීමට පිහිටවාගෙන තිබුනි.
මේ අනූව සීතාවක ප්‍රදේශය වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාව කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයකට හුරුවී සිටි බවත් පශු සම්පත මුතු මැනික් , කුරුඳු , ගම්මිරිස් පොල් පුවක් මෙන්ම අලි ඇතුන් හා ඇත් ඳළ වෙළඳ ද්‍රව්‍ය කරගත් සීතාවක රාජධානිය යහපත් ආර්ථිකයකට උරුම කම් කියූ බව පැහැදිලිය.