හදාරන්නන් පවසන්නේ සීතාවක යුගය හැදෑරීමේදී එම යුගයට පමනක් ආවේනික වූ සුවිශේෂීතා ‍රැගත් ආර්ථිකයක් පැහැදිලිව හඳුනාගන්නට නොහැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ සමකාලීව පැවති කෝට්ටේ හා කන්ද උඩරට රාජධානීන්ගේ පැවති ආර්තික රටාවන් වලට සමාන ක්‍රමවේදයන් මෙහිද අනුගමනය කරන්නට ඇති බවකි. වැදගත්ම සාධකයක් ලෙසට යෝජනා කර සිටින්නේ කොළඹ- සබරගමුව හා කොළඹ කන්ද උඩරට මාර්ග එකි නෙක හමුවන ප්‍රධාන නගරය බැවින් වඩාත් ජනකීර්න ප්‍රදෙශයක් ලෙසට වැඩි අවධානයක් ලබන්නට ඇති බවයි.
පහත රට තෙත් කලාපයට අයත් සීතාවක ප්‍රදේශය යලමහ දෙකන්නය හොඳින් වැසි ජලය ලැබුනි. පාලකයන් වැව් අමුනු බඳවා වාරිමාර්ග තැනවූ අතර එමගින් වීගොවිතැන සරුවට පැතිර තිබිනි. කැළණි හ සීතාවක ගංගා නිම්නයන් රන්වක් කරලින් බරවූ කෙත්යායක් වන්නට ඇත. සීතාවක පාලකයෝ ඉදිකල වැව් කිහිපයකම නටඹුන් ගැටහැත්ත, මානියම්ගම, පින්නපොල, ඇස්වත්ත හා පෙතන්ගොඩ ප්‍රදේශයේද දැකගත හැක. සීතාවක නාමය සැදෑමේදීද කෙත්ගම යන අර්තය එහි ඇතුලත් අතර පොලොන්නරු යුගයේද මෙම ප්‍රදේශය ගබඩා ගමක් වශයෙන් පැවතුනු බව වංශ කථාවේ සදහන්ය. අද දක්වාම පවත්වාගෙන එන මානියම්ගම කරල් පෙරහැර මංගල්ලයෙන්ද අතීතයේ කෘෂිකර්මාන්තයේ දියුනුව පෙන්වා දෙයි.
කෘෂිකර්මය පමනක් නොව පශු පාලනයද මෙම ප්‍රදේශයේ වානිජ මට්ටමින් පැවතී ඇත. ප්‍රධාන වශයෙන්ම ගව සම්පතට වැඩි අවධානයක් යොමු විය. කිරි, දීකිරි, මී කිරි, ගිතෙල් ආදී පස්ගෝ රසය සදහා හොඳ වෙළඳ පොලක් හිමි විය. රජ දවස ප්‍රධාන ගව පට්ටියේ සිටියේ අමිතිරිගල , මීතිරිගල ආදී ප්‍රදේශවලය. අමු කිරි ප්‍රධාන වශයෙන් සැපයීම නිසා අමුකිරි ගල පසුව අමිතිරිගල වු බවත් මීකිරි සැපයූ බැවින් මීකිරිගල පසුව මීතිරිගල වූ බවත් , ගව පට්ටිය ප්‍රදේශයේ ඉහල රදවා තිබූ ගම උඩකනු ගාල හෙවත් උඩකනුගල වූ බවත්, පහල ප්‍රදේශය පල්ලේ කනු ගාල හෙවත් පල්ලේකනුගල වූ බවත් ගම්වල නම් විමසීමේදී තොරතුරු හමුවේ.මේ අනූව සීතාවක ප්‍රදේශය අතීතයේ ගව සම්පත ප්‍රධාන කරගත් පශු පාලනය ආථික මට්ටමේ පැවතී ඇත.