සීතාවක යුගයේ එල්ලුම් ගස
” ද ඔරියන්ටලිස්ටි” නම් සඟරාවකට ලිපියක් සපයන එම්. වයිට් නම් මහතෙක් කියා සිටින්නේ දැනට විනිශ්චයකාරතුමන්ලා පදිංචිවී සිටින මනරම් කඳු ගැටයේ වූ එතුමන්ලාගේ නිවෙස් අසල පැවති ගසක මායදුන්න ඔහුගේ සතුරන් එල්ලා මැරූ බවය. එම තොරතුරු ඔහුට සපයා ඇත්තේ ප්‍රදේශවාසී මහළු අයය.
මඟුල් කඩුව
මඟුල් කඩුව සෑදීමට ගන්නා වානේ ආහාර සමග ලිහිනියන්ට කැමට දෙනු ලැබේ. ඔවුන්ගේ මල ගෙන සෝදා නැවත ආහර සමග කෑමට දෙනු ලැබේ. මේ අන්දමට වාර හතක් ලිහිනියන්ගේ මල සොදා ලබා ගන්නා වානෙන් කඩුව සාදන බවට මතයකි.
පලමු රාජසිංහ කැල බේදය නොතැකූ බවට
ගිරාඉඹුල බල කො‍ටුව එකල රාජසිංහයන් බලවත් වූම ආරක්ශිත කො‍ටුවකි. වර්ථමානයේදී කළුඅග්ගල නමින් හැඳින්වෙන මෙම ස්ථානයේ දැනට සාන්ත බොස්කෝ මහවිදුහලත්, ක‍තෝලික දෙව්මැදුරත් පිහිටා ඇත. කොළඹ- රත්නපුර ප්‍රසිද්ධ පාර පුළුල් කිරීම නිසා බලකො‍ටුව තිබුන ගල කුඩා වී ඇත.
එකට හිඳ කෑම ගැනීම මුල්කරගෙන මෙම බල කො‍ටුවේ සිටි හේවායින් අතර ආරවුලක් ඇති විය. පහත් කුලවල යැයි සම්මත අය සමග උසස් කුලවල අය එකට හිඳ ගෙන කෑම භුක්තිවිඳීම එකල සිරිතක් නොවීය. මේ හ්ගැන ඇති වූ ආරවුල මුදලි වරුන්ටත් විසඳිය නොහැකි වූ තැන නඩුව රජතුමා වෙත ඉදිරිපත් කරන් ලදී. කරුනු විමසීමෙන් පසු එකට හිඳ කැම ගැනීම වරප්‍රසාධාය අඩු යැයි සම්මත කුලවල අයට ලැබිනි. සෙසෝ නිහඬ විය.
එපමනක් නොව තනතුරුදීම,, ගම්වර දීම සහ තත්වයෙන් උසස් වීම් ලබාදිමේදී රජතුමා කිසිදු බේදයක් නොසැලකූ බවට ජනප්‍රවාදයයි.
එපමනක් නොව රජතුමා ජාතිබේදය නොසැලකූවේය. සුදෙස්සෙක් යැයි සිතූ අයට තැන දුන්නේය. අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට “මාන්නප්පෙරුම මොහොට්ටාල” යන නම පට බැඳ ඔහුව රාජසභාවට බදවා ගැනීමට පවා සැලැස්වීය.
රජතුමාගේ හමුදාවේ මරක්කල හේවායින් සහ එම ජාතියේ නිලධාරීන්ද සිටි බව කියනු ලැබේ.