සිතාවක ප්‍රතාපවත් රජුන් වන මයාදුන්නේ හා පලමු වන රාජසිංහ යන පිය පුතු දෙදෙනාට සීමාවී ඇති වසර 75ක් පමන වන සීතාවක රාජ්‍ය යුගය ලංකා ඉතිහාසයේ විශේෂ අවධානයකට යොමුකල යුතුවා පමනක් නොව සිය මුළු ජීවිත කාලයම පර සතුරු ආක්‍රමනයන්ගෙන් ජතිය බේරා ගැනීමට යුධ වැදුනු වීර නරපතීන් පිලිබන්දව නිවැරදි ඓතිහසික තොරතුරු අධ්‍යනය කීරීම ජාතික යුතුකමක්ද වේ. ඉතිහාසයේ සීතාවක වෙනම රාජ්‍යයක් බිහි නොවන්නට එදා පෙරදිග ආධිපත්‍යයට පත් පෘතුගීසීන් විසින් ලංකාවේ රාජ්‍ය අයිතිය මුළු මනින්ම සිය අතට පත්කර ගන්නවාට කිසිදු සැකයක් නොමැති හෙයිනි. සීතාවක යුගයේ රචිත සාහිත්‍ය කෘතීන් කිහිපයක් හැරෙන්නට, චූල වංශය , රාජාවලිය යන අපගේ වංශ කථා වලින්ද , දළඳ සිරිත, පෘතුගීසී වාර්ථාද, කුතෝ හා ක්වේරෝස් යන ඉතිහාස කරුවන් විසින්ද ලියා ඇති තොරතුරුද අනූව මේ යුගය පිලිබඳව ඓතිහාසික තොරතුරු ගොනු කර ගැනීමට හැකිවේ. විශේෂයෙන් පෘතුගීසීන් සමග වන අරගලයට නායකත්වය දීමත්, විදේශ ආධාර නොලබා පලමු වරට අපරදිග ජාතියක් අන්ත පරාජයට පත්කල මුල්ලේරිය සටනත් විදේශික ඉතිහාසාත්ඥයින්ගේ නොසතුටට හේතුවන්නට ඇත. ලිස්බන් නුවර සමග නිතර හුවමාරු වූ යුධවාර්ථා තුලින් සීතාවක නරපතීන් පිලිබඳව වඩා විස්තර අනාගතයේදී හෙලිකර ගැනීමට ඇති ඉඩකඩ බොහෝය.
චූලවංශය
ඓතිහාසික මූලාංශ්‍රයක් වශයෙන් වංශ කථාවේ අකංඩ පැවැත්ම සීතාවක යුගයේ සටහන් කරනුයේ චූලවංශය මගිනි. සීතාවක රාජ ධානියේ ආරම්භය සටහන් කරන චූල වංශ කතුවරයා කීරවැල්ල කුමරියගේ පුතාට කෝට්ටේ රජකම පැවරීමට විජයභාහු රජු ගත් උත්සාහයට විරුද්ධවූ රජුන්ගේ පුතුන් තිදෙනා රජුට විරුද්ධව කැරලි ගැසූ බවත්, අවසානයේ කෝට්ටේ රාජ්‍යය පුතුන් තිදෙන අතර බෙදී යාමත් විස්තර කරයි. සීතාවක දෙනවක හා සතර කෝරලය මායදුන්නේට හිමිවීම සමග මයාදුන්නේ සීතාවක තම රාජධානිය බවට පත්කර ගත්තේය. රයිගම් බංඩාරගේ මරනින් පසු රයිගම, පස්දුන් රට හා වළල්ලාවිට කෝරලයත් සීතාවකට ඈදෑ ගැනීමෙන් රාජ්‍ය විශාල විය. මේ වන විට උඩරට රජ්‍ය වික්‍රමබාහුට අයත්ව තිබුනි, තම රජ්‍යය විශාල අරමුනින් බුවනෙකබාහු සමග නිරුත්තර සටනක යෙදෙන මායදුන්නේගේ ක්‍රියාකලාපය තුලින් බුවනෙකබාහු පෘතුගීසි සහය පැතීමත්, රණකාමී ටිකිරි කුමරුන් තම පියාවන මයාදුන්නේ මරා රාජ පැමිනි බවත්, චූල වංශය කියයි. වෙනත් දේශීය මූලංශ්‍ර මේ කියමන ලෙහෙසියෙන්ම බැහැර කරයි. සීතාවක යුගයේ ඓතිහාසික තොරතුරු හෙලිකර ගැනීමේදී චූල වංශය
ඓතිහාසික සටහනක් වශයෙන් වැදගත් වේ.