පැරණි සීතාවක ප්‍රදේශයේ ආර්ථිකය ගොඩ නැගී තිබුනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. වසර පුරාම වර්Sගා පතනයක් ලැබෙන බැවින් වැසි ජලයෙන් වී ගොවිතැන් කිරීම ප්‍රධාන තැනක් ගනී. එදා පැවති වැඩ වසම් ක්‍රමයට ගැමියෝ පුරුදුව සිටියහ. මානියම්ගම මහයාට දුන් නියම් ගමයි. මානියම්ගම මහා ගම්මානයකි. අටළුගම, කනංගම, දෙබෑගම , යෝගම, යාලේගම, කොස්ගම, රංගේගම වැනි ග්‍රාමනාමයන් කුඩා ජනපද හැදින් විනි. ක්‍රි.පූ. අවධියේ සිටිඅ ගම්නායකයා “ගමික” නම් විය. රජලෙන ලිපිය දිවුරුම්පිටිය, දෙහිගහපිටිය, තලාවිටිය, දෙහිඔවිට, පුවක්පිටිය, ඇපලපිටිය, වැලිවිටිය, තැලුම්පිටිය වැනි තැනි බිම් රැසක්ද සීතාවක වටා වේ.
එදා නිවර්තන කලාපීය වනාතර වලින් වැසී පැවතුනු කඳු මුදුන් අධිරාජ්‍යවාධීන් පුරුදු කල ආර්ථික වගාවක් වූ රබර් නිසා අස්වාභාවික ස්වරූපයක් ගති. මේ නිසාම සොදාපාලුවට යටත්වූ සියලුම කඳු මත කලුගල් මතුවී ඇත. දියකඳුරු දෙපස තැනි බිම් වල ගංවතුරින් ගෙන ආ දියලු පස් තන්පත් වූ සරු බිම් වී වගාවට යොදා ගෙන ඇත. කුඹුරු වලට ඉහල බිමේ මිනිසුන් පදිංචි වී සිටි ගම්ගොඩවල එදි නෙදා ජීවිතයට්ට අවශ්‍ය වූ ඖෂධ පවා ගමෙන් ලබ ගන්නට හැකි විය. ඔවුන්ගේ ස්වයංපෝෂනයට වනයද බොහෝ දුරට ඉවහල් විය. ඇතැම් විට ගැමියෝ හෙල් බෑවුම් එලිපෙහෙලි කර හේන් කොටා ඇල් වී කුරක්කක්න් වැනි දෑ වැවූහ. පන්විලේ හේන වී දාච්ච හේන ඔලිඇද්දපු හේන වැනි හේන් නාමයන් හැදින් වෙන ඉඩම් හෙල් බෑවුම් වල ඇත. එදි නෙදා ජීවිත යාපනයට අදාල සියලුම දේ ගමෙන්ම නිපදවා ගෙන ඇත. රෙදි පිලි, ලුනු වැනි දේ පිටින් ලබා ගන්නට ඇත.
– පොත පත ඇසුරෙනි
