– ඇදහිලි හා විශ්වාස
බෞද්ධ ඇදහීමට අමතරව මේ ප්‍රදේෂයේ ඇදහිලි හා විශ්වාසයන්ද පැවතිනි. සීතාවක වටා පත්තිනි දේවාල කිහිපයක් ඇත. මැදගොඩ, කබුළුමුල්ල, කඩුවෙල, නවගමුව නිදසුන්ය. භෛරන්ඩි දෙවොලද පත්තිනි ඇදහීමට සම්බන්දය. පත්තිනි පතිවතේ සංකේථයයි. ලෝකයේ නන් පෙදෙස්වල නන් අයුරින් විකාශනය වී ඇති ශක්ති වන්දනාව හෙවත් ජගන්මාතා පිදීම ලංකාවේද විවිධ ස්වරූපයෙන් විකාශයනය වී ඇත. රාම සීතා පුවතත්, විජය කුවේනි අපදානයත්, කෝවලන් – කන්නගී පුවතත්, හර-උමයන්ගන කථාවත් පත්වෘතතාව මත ගොඩ නැගුනු කථාය. කාලි යක්ෂනියද පතිවෘතියකි. මෙහි ආරම්භය බුද්ධකාලයයි. ධම්මපද අටුවාවේත් සද්ධර්ම රත්නාවලියේත් විස්තර කරන පරිදි සත්පත්තිනි රෝෂයෙන් හටගත් වෛරයත් නිසා කාලියක්ෂනිය බිහිවූවාය. බුදු බණ අසා ඇයගේ වෛරය සංසිඳුනි. ප්‍රානඝාතය නවතා ඇය ගම්වැසියන්ගේ බලිබිලි වලින් යැපුනාය. ඇය ගැමියන්ගේ ශස්‍ය වර්ධනයට උපදෙස් දුන්නාය. වසංගත රෝග ආදියෙන් ඔවුන් ආරක්ෂා කලාය. බව භෝග, ගව මහීෂාධීන් රැකදුන්නාය. මෙම ඇදහීම අටුවා යුගය වන විටත් “කාලි බිරාඬි” නමින් පැවති බව සද්ධර්ම රත්නාවලිය කියයි. කාලි බිරාඬියද පත්වතියකි. බිරාඬි යනු භෛරණ්ඩියයි. දේවත්වයට පත් කාලිය, උමා, පාර්වතී, ගිරිදේවි, ගෞරි, ජගන්මාතා ආදී නම් වලිනුත් භීෂන ස්වරූපයට ගත්විට දුර්ගා, ශ්‍යාමා, කාලි, බෛරවී, වාමුණ්ඩී මොහනී ආදී නම් වලිනුත් හැඳින්වේ. කිරි අම්මාවරුන්ට දන් පිලිගැන්වීමද ප්‍රදේශයේ ජනංප්‍රිය විස්වාශයකි. කිරි අම්මා යනු ගිරි අම්මාය. පාර්වතීද වේ. වසංගත වලින් මිදීමටත්, ශෂ්‍ය වර්ධනයටත් දරුවන් රැකගැනීමටත් ගිරි අම්මා පිදේ. තල්දූවේ පිහිටි කිරිඅම්මල කඳ ගැනද විමසීම වටී.
ලිහිල් වූ වස්ත්‍රය හැඳගන්නා තුරු දරුවෙකු වඩ ගන්නට දෙන අවතාරයක් ගැන්ද අප අසා ඇත. දරුවා වඩා ගත් කාන්තා අවතාරය එදා දරුවා බේරා ගැනීමට දිවු කාන්තාව නොවේද? බන්ධනයකට යක්ෂයනියක් හසු කර ගෙන සිටි ඇදුරෙකු තම දරුවා මරා කා පැන දුවන ඇය පසු පස ලුහු බැඳ ගැටහැත්තේදී අල්ලා ගත්බව ජනකථාවකින් හෙලිවේ. සීතාවකට නුදුරු උස් කඳු මුදුන යකහටුවයි. සැදෑකල කඳු මුදුන්වල පතිත වන හිරු රැස් රාස්සිගේ අවුවයි. රාස්සිය මේ අවුවෙන් වි පැදුරු හතක් වේලන්නේලු. කාලිය කඳුමුදුන්වලට අරක්ගත් විට පාර්වතිය හෝ ගිරි දේවියයි. කාලි බීරාඬි ඇදහීම ඈතකල සිටම සීතාවක පැවති බවත් බිරාඬි දෙවොලද මෙතැන කාලාන්තරයක් තිස්සේ තිබූ බවත් පැහැදිලීයි. මායාදුන්න රාෂ්ට්‍රයෙහි සිව්වැනි පැරකුම් රජකල නගරයක් නිමවා එහි උස් සිඟුයෙන් හෙබි ද්විභූමියක දේවාලයක් කරවා උප්පලවන්න දෙවිදුගේ රූපය පිහිටවා පූජා පැවැත්වූ බව චූලවංශය කියයි. මෙම උපුල් වන් දෙවොල පැරනි කාලි දෙවොල භූමියේම වඩා ක්‍රමවත්ව ගොඩ නැගූ බව විශ්වාස කරන්නට තරම් හේතු ඇත. රාජසිංහයන්ගේ සිත්දිනාගත් අරිට්ට්ඨකී වෙන්ඩු ආඬි ගුරු අවස්ථාවාදීව මෙම දෙවොල තම අතට ගෙන හරඟන කෝවිලක් බවට පත්කල බව පැහැදිලිය.
– පොත පත ඇසුරෙනි.