– ඇදහිලි හා විශ්වාස 2

මේ හැර හඳිහූනියම් , ඇස්වහ, කට වහ, හෝවහ, යන්ත්‍ර මන්ත්‍ර විධි පිලිබඳ විස්වාශයක්ද ප්‍රදේශයේ පැතිර ඇත. රාජසිංහයන්ගේ අවසන් මොහොතේදී දොඩම්පේ ගනිතයා හූනියම්කල බව ජනවහරේ පවතී.
දෙල්ගමුව විහාරයේ එකල දළඳාව වැඩසිටි බව සැවුල් සංදේශය කියයි. රාජසිංහ රජුගෙන් ඊට අවහිරයක් දී නැත. පීතෲ ඝාතන චෝදනාව නිසා රජු කනස්සල්ලට පත්විය,. රජු සැනසීමට භින්ෂූන්ගෙන් පි‍ටුවහලක් නොලැ බුනි. දළඳාවත්, රජකමත් වෙන අතකට යොමු කිරීම භික්ෂූන්ගේ අපේක්ෂාව විය. අවස්ථාවාදී අරිට්ඨකීවෙන්ඩු රජුට අස්වැසිල්ලක් ලබ දෙන මුවාවෙන් භික්ෂූන් කෙරෙහි රජබිඳ වීය. කාලිදෙවොලේත්, සමනලත් පාලනය මොහු අතට ලබා ගති. මෙසේ සීතාවක යුගයටත් පෙර සිට සුලු වශයෙන් පැවති ආඬි ගුරුවරුන්ගේ බලපෑම මත යන්ත්‍ර මන්ත්‍ර විධි මේ කාලය තුල බහුලව ප්‍රචරය වන්නට ඇත.
සීතාවකින් පහල ප්‍රදේශයේ රණ්වල දෙවියන් පිදීමද සිරිතකි. ප්‍රදේශයේ ධර්මයෙන් සාමයෙන් ජිවත්වූ පුද්ගලයෙකු මියගිය පසු දේවත්වයෙන් පිදීමට මිනිස්සු පෙලඹුනහ. කොළඹ – අවිස්සාවෙල්ල මහා මාර්ගයේ හිඟුරල පර අසල අඹ ගසක් මුල රංවල දෙවියන්ට පුද පූජා පැවත්වේ. ඇස්වත්ත, මල්වාන වැනි ප්‍රදේශවල කැළණි ගඟ දෙපස මෙම දෙවිටන් වෙනු වෙන් පුහුල් පහන් දැල්වීම සිරිතක් කොටගෙන ඇත.
ශෂ්‍ය වර්ධනය සදහාත්, වසංගත රෝග වැලැක්වීම සදහාත්, අවුරුදු උත්සවයක් වශයෙනුත් දෙවියන්ගේ ආශිර්වාද පතා, ගම්මඩු, දානේ මෙඩු පැවැත් වීම තවමත් කලතුරකින් දක්නට ලැබේ. ග්‍රහ අපල දුරු කිරීම සදහා සු ගැබ, දිය කොරහා, මහනිලඟරාක්ෂ ව්ස්කම් , සෙනවුරු ඒරාෂ්ඨක ආදී බලියාග පැවත්වීමත්, රීරියකා (රුධිරය) මහා සොනා(සෙම), කළු යක( වාතය) වැනි යක්ෂ රෝග දුරු වීමට සැඳෑ සමයම වැනි තොවිල් නැටීමත් මෑතක් වන තුරු පැවති නමුත් දැන් දැන් ඒවා සීග්‍රයෙන් අභාවයට යමින් පවතී.රාජසිංඝ රජතුමා පසුව දේවකායට ඇතුලත්ව තෙදබල පාන බවත් “ගනේගොඩ” දෙවිනමින් ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් කබුළුමුල්ල , මැදගොඩ, ගනේගොඩ වැනි දේවාල ප්‍රවෘති අනූව පැහැදිලි වේ.
– පොත පත ඇසුරෙනි.