මූර්ති හා චිත්‍ර කර්මාන්තය-
සීතාවකට අයත් මූර්ති හෝ චිත්‍ර බහුලව නැත. බෛටන්ඩි කෝවිලේ චිත්‍ර බිත්ති අද නැත. මානියම්ගම විහාරයේ චිත්‍ර හා ප්‍රතිමා යන්තමට ඉතිරිවී ඇත. සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුලු වෙනත් ප්‍රථිමා කිහිපයක් ප්‍රතිමා ගෘහය තුල ඇත. සිවිලිමේ අඳින ලද විවිධ නෙළුම් මල් රටා නුවර යුගයට නෑකම් කියයි. බිත්තියේ ඇතුල් පස සූවිසි බුදුවරුන්ගේ රූ ඇඳ ඇත. පිට බිත්තියේ ඇඳ තිබුනු මාරසංග්‍රාමය චිත්‍රයද විනාශ වී ගොස් ය. දොර‍ටු දෙකට ඉහලින් වූ මකර තොරන තරමක් දුරට අපැහැහිලි වී ඇත.

භේරුණ්ඩ පක්ෂි කොඩිය-
භෙහරුණ්ඩ පක්ෂියා කෝරල තුනකට අයත් කොඩියේ සංකේතයයි. මෙහි ප්‍රභවය පිලිබඳ ජනකථාවක් ඇත. මානියම්ගම පිහිටි කන්ඳ කොබෝතුරාවයි(කොබෙයිතුර) එක් විශාල පක්ෂියෙකු මුහුදෙන් මසුන් ගෙනැවිත් හා ඇට ක‍ටු ගස මුල දමා තිබෙනු මිනිසුන් දැක ඇත. ඔවූහු ඒ බව රජුට කීය. පක්ෂියා ඇල්ලීමට රජු මිනිසුන් යෙදවීය. මිනිස්සු පක්ෂියා අල්ලාගෙන වුත් රජුට පෑහ. රජු පක්ෂියා දෙපලුකරවා එම ස්වරූපය චිත්‍රනය කොට කෝරල තුනේ කොඩිය හැටියට භාවිතා කිරීමට නියම කලේය. එදා ගලබැලූ අයගෙන් පැවත එන පිරිස් අදද ගලබලන කඳ පාමුල වෙසෙති.

මුස්ලිම්වරු-
කෝට්ටේ රාජ්ජයේ පෘතුගීසි ආධිපත්‍යය පැවති අවධියේ මුස්ලිම්වරු රාජසිංහයන්ගේ ආරක්ෂව පතා ආහ. මේ අය තල්දූව, ගුරුගල්ල, නාපාවල, කන්නන්තොට (ගණතොට), අම්ම්පේ, කොටියාකුඹුර වැනි ප්‍රදේශය්වල පදිංචි වූහ. රාජසිංහ බිසවට දක්ෂ ලෙස වෙදකම් කල නාඩි ශාස්ත්‍රය පිලිබඳ මනා පලපුරුද්දක් තිබුනු මුස්ලිම් වෛද්‍යවරයෙකුගේ පරම්පරවට අයත් දේශීය වෛද්‍යවරු අදද සිටිති. රාජවෛද්‍ය සේකර දූවේගොඩ රනමුදියන්සේලාගේ යන පෙලපත්නාමයෙන් ඔවූහු හැඳින්වෙති. මේ හැර අම්පේ මුහන්දිරම්ලා ලියන ලේඛම් ලාද මුස්ලිම්වරුන් අතර වෙති. මුස්ලිම් සිංහල දොගොල්ල අතර ජාතිභේද හැගීම් ඈති නොවන්න්නේ මේ දෙගොල්ල කවදත් එකම සමාජයක ජීවත්වූ බැවිනි.
– පොත පත ඇසුරෙනි.