ආඬි ගුරුවරු-
සීතාවක යුගයටත් පෙර සිටම දකුනු ඉන්දීය ද්‍රවිඩයෝ විවිධ ස්වරුපයෙන් ලංකාවට සංක්‍රමනය වූහ. සමහරෙක් සන්න්‍යාසි වෙස් ගෙන පැමිනිය හ. වැඩි හිටියෝ ආඬි බිල්ලන් ගැන කියා ලමයි නැලවූහ. ආඬියන් උපහාසයට ලක්කල අවස්ථාව ද ඇත. ආඬිහත්දෙනාගේ කැඳ හැලිය ජනවහරයට එක් වී ඇත. ආඬිමාලයද වැනි පොත් ලියවිනි. සන්න්‍යාසි වේශයෙන් මෙහි ආ අඬීහු මන්ත්‍ර ගුරුකම්, ඉන්ද්‍රජාල කම ඇසුරෙන් මිනිසුන් වශීකරගත්හ. යම් කලෙක නැව් සතකින් මෙහි පැමිනි දෙවොල් දෙවියන්ට පානදුර උනව‍ටුන අදී ස්ථානවලට ගොඩ බැසීමට ඉඩ නොලැබුනි. සීනිගමින් ගොඩ බසින්නට ආවිට පත්තිනි දෙවියෝ වෙරළ දිගේ ගිනි වැට මැවූ හ. ඒ ගිනි වැට මැදිනි දෙවොල් දෙවි ගොඩට ආවේ.එදා සිට මොහු දෙවියෙකි. වීරමුණ්ඩලා දැඩිමුන්ඩලා දකුනු ඉන්දියාවෙන් ආ කල්ල‍තෝනිකාරයෙන්ය. ඔඩ්ඩි මස්සිනා, ව‍ටුකරාක්ෂ වැනි අයද ද්‍රවිඩයන්ය.සොකරිකථාවේන එන ගුරුවා ද ආඬියෙකි. රාජසිංහයන් උපදෙස් ලැබුවේ අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල්ගෙනි. මොහු පසුව රජකම ලබා ගැනීමට පවා උපංක්‍රමශීලී වී ඇත. භෛරන්ඩි කෝවිඔලේ පාලනය අතට ගත් මොහු නිසා සීතාවක නොයෙක් වෙනස් කම් සිදුවී ඇත. මනම්පේරි යන නාමද ඔහුර පට බැදී තිබුනි. ආඬු ගුරුවරු ගඟ හරස් කර යාගයක් පවත්වන්නටා ඇත්තේ ගුරුපස් ගොඩය. ගුරුගල්ල, ගුරුබෑවුල, හෝමගම. පිලියන්දල (බිලි කම් දොල) ආදී ගම් වලින්ද ආඬිගුරුන් සම්බන්දය. මානියම්ගම විහාරයේ අලුත් සහල් පෙරහැරේද අදදක්වාත් ආඬි වෙස් ගත්තෝ ගමන් කරති.
” අතුරු මිතිරි දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා. වරා ගසට ගියත් බොලන්, පුහු කල්ලටය නෙලීම් බොලන්. අලුත ගෙනා මනමාලී හාල්පතක් ගරාලා බ‍ටු කොරහක් කපාලා ඉහල ගෙටත් බෙදාලා, පහල ගෙටත් බෙදාලා අතක් ගනින් යාළුවේ” කුඩා ලමුන් ක්‍රිඩාකලේ රාජකපුරු වැනි ආඬින්ට උපහාස කරමිනි.
– පොත පත ඇසුරෙනි.