උත්සව-
මානියම්ගම රජමහා විහරයේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්ලය ප්‍රදේශයේ උත්සව අතර ප්‍රධාන තැනකුත් පෞරානික බවකුත් දක්වයි. මහකන්නයේ ගොයම් පැසීගෙන එන විට දුරුතුපුර පසලොස්වක දින විහාරය සතු කුඹුරුවලට පෙර හැරෙන් ගොස් කරල් කපාගෙන විත් සහල් කොට ක්ෂිර පාසාසය උයා බුදුන් පිදීම මේ උත්ස්වයේ සම්ප්‍රධායික ලක්ෂනයයි. පැරනි වැඩවසම් සමාජයේ විහාර ගම් වැස්සෝ අවුරුදු පතා විහාරයට පෙනුම් කඳ ‍රැගෙනගිය අයුරින් අදද පෙර හැරේ දන් කඳ ‍රැගෙන යති.
ගොයම්කපා පාග ගත් පසු ගෙදරට වී ගෙනයාම දෙවියන් ගෙට වැඩීමකි. වී වලට නව වැදුම් වදිති. මුල වී කොටස දෙවියන්ටත්, යකුන්ටත් වෙන් කරති. යකුන් පිදීම පෞද්ගලිකව ගෙවල් වල කලහ. මුලුගමේම දෙවියන්ගේ වී කොටස් එකතුකොට එකතැනක පිරිසිදුව උයා දෙවියන්ට ප්‍රථම මුරුනාන් පිදීම සදහා ගම්මඩු, පහන්මඩු, දානේ මඩු නැටීම එදා පැවති අවුරුදු උත්ස්වයයි. දෙවියන් ඉවූ බත් හැලියේ ඉතිරිවන බත් පිඬි බැගින් ගම්වැසි සියලු දෙනාම වලඳන්නේ දෙවියන්ගේ පිලිසරන පතාය. මෙසේ එක හැලියේ බත් කෑම ගමේ සමගිය නිරූපනය කරන්නන්ක් විය.
පොරපොල් ගැසීම, කතුරු ඔන්චිල්ලාව, අන් ඇදීම ආදි උත්ස්වද එද පැවතුනහ. ග්‍රහ අපල දුරු කිරීමට බලියාග පැවතුනි. ඖඋ ගැබේ මල් බලිය, දිය කොරහ, මහ නිලඟ රාක්ෂ, විස්කම් බලිය ආදී යාග කර්ම කොට අවසනයේදී ආඝෝර, සංජීවනී, මොර්තුංජය, නවනාථ ආදී යන්ත්‍ර ජප කරවා පැලැඳීම මෑතක් වන තුරු බහුලව පැවතුනි.
– පොත පත ඇසුරෙනි.