– දුර අතීතය
සීතා දේවිය සිය දිවි පරදුවට තබා පතිවත රකින්නී, වරෙක රාමයන් පිලිබඳ භක්ත්‍යාදරයක් පෙර දැරි කර ගෙන උපශාන්ත ස්වරූපයකින් පසුවන්නීය. තවත් විටක රාවනයන් පිලිබඳව ක්‍රෝදය හා වෛරය මුසු අසීමිත ශෝක ප්‍රවේගයක් ඇති කරමින් භිහිෂණ ස්වරූපයක් ගන්නීය. සිතා නදියද මෙසේ වරින් වර උපශාන්ත වෙමින්, සැඬ වෙමින් නගරය හරහා වක්‍රාකාර ගමන් ගනී. සීතා නඳිය වක්ව ගලන පෙදෙස සීතාවකයි.
කොළඹ දිශාවට කෑගල්ල දිශාවට හා රත්න පුර දිශාවට අයත් අවිස්සවෙල්ල, තල්දූව, මානියම්ගම , තිඹිරිපල, මාදොල වැනි ගම් වල සීතාවකට සම්බන්ද පුරාවිද්‍යාත්මක නටබුන් විසිටී ඇත. කෝරළ තුන, සතර කෝරලය, හේවා ගම් කෝරලය හා කුරුවිටි කෝරළය ප්‍රධාන වශයෙන් සිතාවක රාජයයට අයත් විය.
මානියම්ගම කඳු බෑවුම්වල පිහිටි ලෙන්වල බලංගොඩ මානවයාට නෑකම් කියන පාශාන යුගයේ අය ජීවත්වන්නට ඇත. රාවණයන් සීතා දේවිය පැහැර ගෙන විත් මෙම ගල්ලෙන්වල සඟවා තැබුවා වන්නටද හැකිය. තිඹිරිපල රජ ලෙනට එගොඩවන තො‍ටුපල අසල සීතා ගඟ ඉවුරේ ගලක දකුනු සිරිපා සටහනක් කොටා ඇත. මෙම ගල ගැමියන් හඳුන්වන්නේ රම්පත ගල නමිනි. මෙය රාම පද ගල විය හැකිය. විෂ්ණුගේ දස අවතාරයෙන් එකකි., රාම බුද්ධ තවත් අවතාරයකි. එබැවින් රාමපාදය වශයෙන් හෝ බුදු පදලස වශයෙන් හෝ පිලිගැනීමට හැකිය. විෂ්ණු මෙතැන දකුනු සිරිපා තබා සමනොල මත වම් සිරිපා තබා දෙව්ලොවට නැගි ත්‍රිපද වික්‍රමය සිහි නොවන්නේද?
ස්තීරවශයෙන්ම ක්‍රි.පූ. 1 වැනි සියවස පමන සිටවත් මෙම පෙදෙස ආර්ය ජනාවාසයක්ව පැවති බවට තිඹිරිපල පිහිටි රජලෙන ශාක්ෂි දරයි. ලෙනගල සල්ගල මානියම්ගම මෙන් මෙම ලෙනද වට්ට ගාමිනී අඝය ආරෂිතව සිටි රජලෙනක් විය හැකිය. අඩි සිය ගනනක් දිගට කටාරම් කොටා සකස්කර ගත් ලෙන් කිහිපයක කටාරමට පහලින් මුල්යුගයේ බ්‍රාහ්මී අක්ෂර වලින් කෙ‍ටුනු ලෙන් ලිපි දෙකක් දක්නටා ඇත.
ලොකු පිරිසකට ‍රැස්ව සිටිය හැකි තරම් විශාල ලෙන තුල අඩි 25ක් පමන දිග අඩි 5ක් පමන උස වේදිකාවක් වේ. මේ මත සැතපෙන පිලිමයක් තිබුනා විය හැකියි. මේ වටා ඝන බිත්ති පැවති බවට ශාක්ෂි ඇත. සිවිලිමේ ඇති කුඩා සිදුරු වලට ලී අට්ටාලයක් සවිකොට තිබෙන්නට ඇතැයි සිතමි. නිදන් සොරු විසින් මෙම සෙනසුන විනාශ කර ඈති අයුරු සංවේගදායකය. භික්ෂූන්වහන්සේලා කිහිපනමක් විසූ වන සෙනසුනක් විය හැකි මෙය ආරක්ෂා විය යුතු තැනකි. මීට ආසන්න සීතාවක ගඟේ තො‍ටුපලට සමීපව අඩි පහලොවක් පමන උස ගලක් වේ. ගැමියන් මෙය “රම් පත ගල” නමින් හඳුන්වන බව කලින් සදහන් කලෙමි. රාජසිංහ බිසවට බුදු සිරිපා පෙන්විමට මෙය කොටවා ඇති බව ගැමියන් කීවත් වෙනත් අරුතක් ඇති බවද සිතේ. පාසටහන අඟල් 48ක් පමන දිගය. ඉදිරිපස පලල අඟල් 22.5ක් පමනද පසු පස පළල 19.5ක් පමනද වේ. ඇගිලි වල දිග අඟල් 8ක් පමන වේ. සුලගිල්ල මාපට ඇගිල්ලට වඩා කෙටිය. නෙළුම් මල් සලකුනු කැටයම් කර ඇත. මෙය ආරාම භූමියට මගපෙන්වන සංකේථයක්ද? ” ආරාම පතය පෙන්වන ගල” අරම්පත ගල ” නොවිය හැකිද?
– පොත පත ඇසුරෙනි.