පත්තිනි දෙවියන් පිලිබඳ නැ‍ටුම් සීතාවකට බෙහෙවින් සම්බන්දය. පත්තිනි දෙවියන් ඇදහීම සීතාවක ජනංප්‍රියව පැවති බව කැළණි ගඟ බඩ මැදගොඩ පත්තිනි දේවාලයක් පැවතීමෙන් පැහැදිලි වේ. පත්තිනි දෙවියන්ට ස්තෝත්‍ර පැවත්වූ එක් විදියක් වූවේ ගී මඩුවයි.
ත්‍රිවිධරත්නය උදෙසා පැවැත්වෙන නැ‍ටුම්ද සීතාවක පවතින්නට ඇතැයි අනුමාන කල හැකිය. මේහිදී මුල් තැන ගනුයේ බුද්ධ වන්දනාව විෂය කොටගත් සූවිසි විවරනයයි. බුදුවරුන් විසිහතර දෙනෙකුගේ රූපවලට මල්පහන් පූජා කොට නව අරහාදී බුදුගුන ගයා ඉක්බිතිව නැ‍ටුම් ඉදිරිපත් කෙරේ. පන්සල් වල ඉතා සිත්ගත් නාට්‍යවූවේ වෙස්සන්තර මනමේ හා සඳ කිදුරුයි. වෙස්සන්තර කථාව ධාන පාරමිතාවේ අනුහස් කියන බැවින්ද මනමේ හා සඳ කිදුරු පතිවෘතාව ගැන කියන බැවින්ද මෙම නට්‍ය සාමාන්‍ය ජනයා අතර ජනංප්‍රිය විය. වෙස්සන්තර කථාව එදි නෙදා ජීවිතයට සමීප අත්දැකීමක් නොවූවද බෝසතුන්ගේ අවසාන පාරමිතාව හා සිත සසල කරන කථාවක් වීම එහි ජනංප්‍රියත්වයට හේතු විය. ස්වාමි ද්‍රෝහිත්වයේ විපාක හා පතිභක්තියේ වටිනාකම මනමේ හා සඳකිදුරු තුලින් හෙලිවේ. මෙම ප්‍රශන කවර සමාජයකට උවද පොදුය. නිරතුරුවම සටන් බිමට ගිය පිරිමින් සිටි සීතාවක සමාජයටද පතිභක්තියේ වටිනාකම කීම විශේෂ අවශ්‍යතාවයක් වන්නට ඇත.
මහනුවර ප්‍රධානීන්ට නම් තමන්ගේම නැ‍ටුම් කන්ඩායම් තිබින. ඒ කන්ඩායම් තම ප්‍රධානීන් සතු‍ටු කරනු සදහා ඔවුන් ඉදිරියේ නැ‍ටුවා පමනක් නොවේ ප්‍රධානීන්ගේ කන්ඩායම් අතරද තරග පැවතිවින. මේ අවස්ථාවලදී නැ‍ටුම් මෙන්ම නාට්‍යද රඟ දැක්වින.
එහෙත් සීතාවක ප්‍රධානීන්ට මෙවැනි විවේක මනසක් නොවීය. සටන මුල්ගත් හෙයිනි. සටනින් තොර අවධියේ එහි නැ‍ටුම් කන්ඩායම් සදහා රජවාසලෙන් දුන් ගම්වර සීතාවක අවට පවතී. පන්තේරු කලගෙඩි ලීකෙලි , සවරම් සීතාවක විවිධ උත්සව අවස්ථාවල ඉදිරිපත් වන්නට ඇති බව හැගේ. මේ නැ‍ටුමින් බැහැර අඩවු ඇල්ලීමද සීතාවක නැ‍ටුම් අතර විය. අඩවු වඩාත් ජනංප්‍රිය වූවේ සාමාන්‍ය ජනකාය අතරය.
සබරගමුව අයත්ව පැවතියේ සීතාවක රාජධානියටය. සබරගමුවේ මහසමන් දේවාලයේ ආලත්ති අම්මලාගේ නැ‍ටුම සිහිපත්කරන්නේ අතීතයේ සිට පැවත ආ නිලියන්ගේ නැ‍ටුම් විශේෂ පැවති බවයි. නෛයණ්ඩි නැ‍ටුමද නිලියන් විසින් ඉදිරිපත් කරන ලද නැ‍ටුම් අතර විය. දිග්ගේ නැ‍ටුමද සවරම් හා කලගෙඩි නැ‍ටුමද එකල විය.
සීතාවක රාජධානි සමයෙයේ නැ‍ටුම පවත්වා ගෙන ගියේ ඉතාම අසීරිවෙනි. යුධභීෂනය පවමන්ක් නොව පන්සල් හා භික්ෂූන් වහන්සේලා විනාශයද එකල පැවතින. නැ‍ටුම නාට්‍ය සාහිත්‍ය කලාව ආදියට බහුල වශයෙන් කේන්ද්‍රස්ථානය වූයේ පන්සලයි. පන්සල විනාශවීම කලා අංග විනාශයක්ද වේ. එක්වනි රාජසිංහ රජතුමාගෙන් පසුව රජමාලිගයද විනාශවූවෙන් නැ‍ටුම් කලාවට කිසිදු අත් වැලක් නොවීය. එහෙයින් සීතාවක නැ‍ටුම යැයි සුවිශේෂ නැ‍ටුම් කලාවක් නොමැති අතර දැනට තැන තැන හෝ පවතින නැ‍ටුම් විශේෂාංග ඒ ඒ පරපුර හා පවුල් විසින් ආයාසයෙන් හෝ ‍රැකගන්නා ලද්දේ විය.