සීතාවක රාජධානියක්ව පැවතියේ ඉතා සුළු කාලයකි. ක්‍රි.ව. 1529 දී කෝට්ටේ විජයබා රජතුමා ඝාතනය වීමෙන් පසු මායදුන්නේ සීතාවක රාජධානිය කොට ගත්තේය, ඔහු ගෙන පසු ටිකිරි බංඩාර කුමරු එක්වන රාජසිංහ නමින් සීතාවක රජ වී 1592 දී මිය ගියේය. රජධානි කාලය එපමනකි. මේ සුලු කාලය තුලද සීතාවකට සිදු වුනේ යුධ භීෂනයෙන් කල් ගෙවන්නටය. ප්‍රහාර එල්ල කිරීමත් ප්‍රහාර එල්ල වීමත් සීතාවක රාජධානි අවදිය පුරා පොඳු ලක්ෂනයක්ව පැවැත්තේය. මෙවන් පරිසරයක කලාව සාහිත්‍යයේ වැඩි දියුනුවක් අපේක්ෂා කල නොහේ. එම නිසා සීතාවක නැ‍ටුම් කලව තුලද රාජධානි සමයෙහි වර්ධනය වූ ආවේනිකත්වයක් හෝ සුවිශේෂත්වයක් හෝ දැකීම පහසු නොවේ. රාජය අනුග්‍රහය බහුලවම ලැබුනේ නැ‍ටුමට නොව යුධකටයුතු වලටය. නැ‍ටුම් ශිල්පීන්ට සිදුවූයේ අවි‍රැගෙන යුධ කරන්නටය. එම නිසා සීතාවක නැ‍ටුම් කලාව ඊට පෙර පැවති නැ‍ටුම් කලාවම තව දුරටත් ‍රැක ගෙන ඒ මක් විනා යුගයට අවේනිකව විශේෂ ප්‍රගතියක් පල කරන්නන්ක් නොවේ. සීතාවක රාජධානි සීමාවද වරින් වර වෙනස් වූ බැවින් ඇතැම් නැ‍ටුම් පරපුර විසූ ගම්මාන වරෙක කොළඹටද වරෙක සීතාවකටද ඈඳිනි. කෙසේ වෙතත් සීතාවක කේන්ද්‍රකොටගෙන පවත්නා ප්‍රදේශයේ නැ‍ටුම් කලාව පිලිබඳ කරුනු ස්වල්පයක් සදහන් කිරිම සදහා මෙම සටහන උත්සාහ කරයි.
උඩරට රාජධානි කන්ඳ උඩ පස් රට එනම් හාරිස්පත්තුව දුම්බර හේවා හැට යටි නුවර උඩු නුවර යන ප්‍රදේශ පහෙන් සැදුම් ලද්දේය. රාජධානිය එසේ සීමා වුවද උඩ රට නැ‍ටුම එම ප්‍රදේශ ඉක්මවා පැතිර ගියේය. සීතාවක ප්‍රදේෂයෙහි ද ප්‍රචලිත වූවේ උඩරට නැ‍ටුමයි. මේ නිසා කොහොඹා කංකාරියයත්, ඒ ඇසුරු කොට ගත් නාට්‍යමය අවස්ථා හා නැ‍ටුම් කලාවත් සීතාවක ප්‍රදේශයේද පැවතින.
කොහොඹා කංකාරි ශාන්තිකර්මයට ගුරුගේ මාලාව එක්වූවේ සීතාවක අවදියේදී වොය හැකිය. පෙලපාලියක් වශයෙන් රඟ දැක්වෙන මෙම ශාන්තිකර්මය හඳුන්වා ඇත්තේ කළු කුමාරයාහේ නමිනි. එය ගුරුගේ මාලාව වීමට හේතු වූවේ අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් ආදි කොට ගත් සිතාවක අවදියේ ආඬි ගුරුන් විය හැකිය.
කොහොඹා කංකරිය හැරුනු විට නව ග්‍රහයන් ආශ්‍රිත නැ‍ටුම්ද සිතාවකට සම්බන්දයි. මෙම පූජාවලදී දෙවියන් වෙනු වෙන් මෙන්ම යක්ෂයන් හා භූතයන් වෙනු වෙන්ද නැ‍ටුම් පැවත්වේ. මෙම නැ‍ටුම් ද ශාන්තිකර්ම වශයෙන් සැලකිය යුතුය. රෝග ව්‍යාධී අතුරු ආන්තරා දුරු කිරීම නැ‍ටුමේ අරමුනයි.