රබන් විරිඳු කීමද සීතාවක යුගයේ කෑපී පෙනෙන ලක්ෂනයකි. ආරම්භයේදී රබන් ගසා විරිඳු කියා ජීවන උපාය සලසා ගැනුම දුප්පත් ජනතා සතුවූවකි. එහෙත් ඒ නිසාම විරිඳු සාහිත්‍යයක් ගොඩ නැගුනද ඒවා මතකයට පමනක් සීමා විය. කාලයාගේ ඇවෑමෙන් ඒවා අභාවයට ගියේය. සීතාවක කාලයේ මේවා බොහෝ සෙයින් ප්‍රචලිතව තිබූ බවත් පසුකාලයේදී විරිඳු සාහිත්‍යයට පදනම වැ‍ටුනේත් සීතවක යුගයේදි බවත් කිව යුතුය.
සීතාවක එකවන් රාජසිංහ රජු විරුඳුකාරයෙකු ලෙස කටයුතු කල අවස්ථා අසන්නට ලැබේ. කෝට්ටේ රාජ්‍යතුලත් කොලඹ පරංගි කඳවුර තුලත් ඔත්තු බැලීම සදහා රාජසිංහ රජු රබන් සෙල්ලම් කාරයෙකු ලෙස වෙස්වලාගෙන ගිය ගමන් ගැන විස්තර අදත් මහජනයා තුල කථා බහට ලක්ව පවතී. එහෙත් රාජසිංහ රජ ගායනා කල විරිඳු අද අප අතරට පත්ව නැත. රාසිං දිවියන් රබන් සෙල්ලං කාරයෙකු ලෙස පරංගි කඳවුරේ ගයන ලදැයි සැලකෙන එක් විරිඳුවක් ගැන ජනංප්‍රවදයේ පවතියි.
දියයට තිබූ කඩුව සේම මතුවට පවතිඤ්ඤ යි
නයට ගුරුලිඳු විලසට සතුරට මුන දෙඤ්ඤ යි
ඇතාට සිහනඳය ලෙසට රබාන හඬවඤ්ඤ යි
රබන් දෙකක් ගෙන දෑතට සිරිලක වටලඤ්ඤ යි
විරිඳුවක් ගයා රබාන හඬවා පොදු ජනයාට විනෝදයක් දැනුමක් ලබා දුන් විරිඳුව අරම්භයේදී ජීවිකාව වෘතියක් විය. පසුකාලයේදී අවවාද ලබා දීමට ඉ.ඓතිහාසික ප්‍රවෘති විස්තර කිරීමට , ජනකථා හා ආගමික කථා පැවසුමට මේ විරිඳු උපයෝගී ගැනීම නිසා විරිඳු සාහිත්‍යයක් ගොඩ නැගුනි.
– පොත පත ඇසුරෙනි