ක්‍රි.ව. 1412 දී (හෝ 1415) හයවන ශ්‍රී පරාක්‍රමභාහු රජතුමගෙන් ආරම්භ වූ කෝට්ටේ රාජ්‍ය 1597 දී දොන් ජුවන් ධර්මපල රජතුමාගෙන් කෙරවල විය. 1521 දී විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජ්‍යය කුඩ රාජ්‍ය තුනකට බෙදී යාමෙන් පාලන තන්ත්‍රය දුර්වල විය. මේ රාජ්‍යයන් අතර නිරන්තරයෙන් හටගත් යුද්ධ, ආරවුල් හා කැරලි කෝලාහල නිසා ගිහි පැවති දෙපක්ෂයම අධ්‍යන කටයුතු වලට වඩා රාජය පලන කටයුතු වලට කාලයත්, ශ්‍රමයත් යෙදවූහ. ක්‍රි.ව. 1505 දී පැවති පෘතිගීසීහු කෝටේ රාජ්‍ය හා කිට්‍ටු ඇසුරක් පැවත්වූහ. මයදුන්නේ හා පලමු වැනි රාජසිංහ රජවරු කෝට්ටේ රාජ්‍යයට එරෙහිව නැගී සිටීම නිසා හත්වන බුවනෙකබා රජුට පෘතුගීසීන් ගේ ආධාර හා උපකාර ලබ ගැනීමට සිදුවීමෙන් පෘතුගීසී බලය කෝට්ටේ රජ්‍ය තුල වර්ධනය විය. බුවනෙකබා රජුගේ මරනින් පසු ධර්මපාල කුමාරයා රජකමට පත්කලේද පෘතුගීසීන්ගේ ආධාර ඇති වය. ක්‍රි.ව. 1556 / 1557 දී ධර්මපාල රජතුමා ක්‍රිස්තු ලබ්ධිය වැලඳ ගති.
මේ උත්සවය අත්‍යාලංකාරයෙන් සිදුකෙරුන අතර පෘතුගීසීහු විශාල පිරිසක් ගෝවයෙන් පැමිනිය හ. ධර්මපාල රජු බෞතීස්ම කෙරුනේ විල්පොන්සි අපොන්සු පෙරෙරා දේව ගැතිතුමා විසිනි. සිංහල රජතුමා සමග රාජ්‍ය නිලධරයෝ බොහෝ දෙනෙක්ද කිතුසමය වැලඳ ගත්හ. මේ අතර පෘතුගීසී මිෂනාරිවරු ක්‍රිස්තු ධර්මය පැතිර වීමට යුහුසුලුව කටයුතු කලහ. ක්‍රි.ව. 1580 දී ධර්මපාල රජතුමා ත්‍යාග ඔප්පුවකින් කෝට්ටේ රාජය හ සියලු අයිති වාසිකම් පෘතුගාලයේ මහරජුට පැවරීය. ධර්මපාල රජතුමා ක්‍රිස්තු ලබ්ධිය වැලඳ ගැනීමෙන් පසු කැලණිය හා වත්තල වැනි විහාර වලට පෙර රජවරුන් පූජකල ඉඩම් පෘතුගීසි මිෂනාරිවරුන්ට පවරා දුන්නේය. වෙහෙර විහාර සතු දේපල කොල්ල කැමට පෘතුගීසීහු පට්‍රන් ගත්හ. ආරක්ෂව හා පැවත්ම පිලිබඳව කිසිඅ පිහිටක් නැතිව අසරන වූ භික්ෂූන්වහන්සේලා ආරක්ෂාව පතා සීතාවකට හා කන්ද උඩරටට වැඩියහ. සමහරු සිවුරු හැර ගියහ. කසාය වස්ත්‍රයෙන් බැබැලුනු පිරිවෙන් හා විහාර පෘතුගීසී සොල්දාදුවන්ගේ කෙලි බිම් බවට පත්විය. හිරිපිටියේ දෙවනරාල දියවඩන නිලමේ තුමා දළඳාව සීතාවකට වැඩම කල පසු දලඳා මාලිගාව කොල්ලකා කඩා බිඳ දැමූහ. බෞද්ධයන් වශයෙන් තවදුරටත් ජීවත් වීමට බැරි වූ සිංහල ප්‍රභූවරු වෙනත් ප්‍රදේශකරා ගියහ. සමහරු ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්හ. තවත් සමහරු අප්‍රසිද්ධව ජීවත්වූහ.
– පොත පත ඇසුරෙනි
