කෝට්ටේ රාජ්‍ය තුල මේ වෙනස්කම් සිදුවෙද්දී පලමුවෙනි රාජසිංහ රජුගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති නිසා සීතාවක රාජ්‍ය තුලද භික්ෂු සංඝයා මහත් දුෂ්කරතාවලට මුහුන දුන්හ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයට හසු වූ භික්ෂූන් මැරවූ රජු පොදුවේ මුළු භික්ෂු සංහතියම කෙරෙහි ද්වේෂ කලේය. සැක කලේය. බෞද්ධ පොත් පත් වුනාශ කලේය. ශ්‍රීපාදස්ථානය වැනි පූජනීය ස්ථාවල අයිතිය ආඬිගුරුන්ට පැවරුවේය. බෞද්ධ නායකයන් නිර්ධය ලෙස ඝාතනය කලේය. සිව සමය පැතිර වීමට රජය අනුග්‍රහය ලබා දුන්නේය. මේ තත්වය යටතේද සිතාවක රාජ්‍ය තුලද සාහිත්‍ය දියුනුවක් ඇති වීමට කිසිදු ඉඩක් නොවීය. කෝට්ටේ, සීතාවක හා කඳ උඩරට රාජය යන් අතර නොනවත්වා කෙරුන් අසටන් ද සීතාවක් සාහිත්‍ය පරිහානියට හේතු විය. මේ රාජ්‍යයන් අතර යුද්ධයක් හෝ ප්‍රදේශීය රාජයයන් හි කැරැල්ලක් හෝ නොතිබුන දවසක් නොවීයැයි කීම අතිශයෝක්තියක් නොවේ. පන්සල් වලට ආධාර උපකාර කිරීමට තහනම් කල අවස්ථාද සීතාවක රාජ්‍ය යේ විය. මේ නිසා භික්ෂුජීවිතය තම ජීවිතයට තර්ජනයක් විය. භික්ෂූහු සිවුරු හැර ගියහ. පන්සල් පාලනයට භික්ෂූ පරපුරක් නොවීය. ඒවා වල්බිහි විය. වටිනා පොත්ගුල් වේයන්ගේ හා මීයන්ගේ වාස භවන බවට පත්ව විනාශ විය.
සීතාවක යුගයේහි සාහිත්‍යයේ විශේෂ ලක්ෂන
කෝට්ටේ යුගයේ දියුනුවට පත් සිව්පද කාව්‍ය තවදුරටත් ගෙන යාමේ උත්සාහයක් මෙහිදීද දැක්ක හැකිය. ජාතක කථා කවියෙන් කීමට කල ආරම්භයක්ද මෙහිදී පෙනේ. දහම් සොඬ කව හා කුස ජාතකය එහි ප්‍රථිපලයකි. ලෝවැඩ සඟරාවෙන් ආරම්භ වූ උපදේශ කාව්‍ය කරනයද මේ කාලයේ නොකඩවා ගෙනයාමට ගත් උත්සාහය ශුභාෂිතය කාව්‍යයෙන් පෙනේ. සංදේෂ කාව්‍ය කරනයෙහි අකංඩතාවය රැකීමට ගත් උත්සාහයේ ප්‍රථිපලයකි. සැවුල් සංදේශය මහනුවර යුගයේ වඩාත් ජනංප්‍රිය වූ හටන් කව්‍යයකි. ආරම්භයද සීතාවක යුගයේ බිහිවූ කොන්ස්තන්තීනු හටනින් පෙනෙන්නේ දෙපිරිසක් අතර කෙරෙන හටනක් විස්තර කිරීම හටන් කව්‍යවල අදහස බව ආරම්භයේදී පෙනේ. පසුකාලයේදී මතභේදයක් විස්තරකිරීමද හටන් කව්‍යවල අදහස වී තිබෙන බව දුනුවිල හටන වැනි කෘතීන්ගෙන් පෙනේ. සීතාවක රාජය සමයේදී රචිත මේ පොත් පහේම කතුවරයා හිස්සැල්ලේ දහම් දජ ( ධර්මධිවජ) පඬිවරයගේ පුත් අලගියවන්න මුඛවෙටිතුමා බව පැවසේ. කොන්ස්තන්තීනු හටනෙ අකතුවරයාගේ නම සදහන් නොවේතත් අනිත් පොත් හතරේම ඒ බව සදහන් වේ. අලගියවන්න යනු ඔහුගෙ අනම බවත් මුඛවෙටි යනු පදවිනාමය බවත් පෙනේ. මුඛවෙටි පදවිනාමය කෝට්ටේ කාලයේ සිට පැවත එන්නක් බව “සිටිති පසෙක වාසල මුඛවෙටි වරුත්” යන හංස සංදේශ පාථයෙන් පෙනේ.
රජයේ ලේඛම් පදවිය මින් අදහ්ස් කල බවත් පෙනේ. සීතාවක රාජ්‍යයේ ලේඛම් පදවිය දැරූ අලගිය වන්න සීතාවක රාජ්‍යයේ වැටීමෙන් පසු පෘතුගීසීන් යටතේ සේවය කරමින් පෘතුගීසී තෝම්බුව පිලියෙල කිරීමේ කාර්යයෙහි නියුත්තව සිටියේය. කොන්ස්තන්තීනු හටන රචනා කරන ලද්දේ මේ කාලය තුලදීය. අලගිය වන්න මුඛවෙටිතුමාගේ කෘතීන් ගැන නොයෙකුත් විමර්ෂන පලවී ඇති නිසා ඒවා ගැබුරින් විමසා බැලීම මේ ලිපියේ අරමුන නොවේ.
– පොත පත ඇසුරෙනි