පොදු ජනයා යහමගට යැවීමේ අදහසින් කවි ලිවීමට වඩා මිනිසුන්ගේ දෛනික ජීවිතයට අදාල දේ කවියට නැගීම සීතාවක කලයේදී ඉස්මතුවී පෙනේ. රාජ සභාවේදී රජු , මැති ඇමතිවරු ඉදිරිපිට රජුගේ ගුන යසස් ප්‍රකශකරමින් ප්‍රශක්ති ගායනය කෝට්ටේ කාලයේදී ආරම්භ වූවකි. සීතාවක කාලයේදී මෙය තදින් දියුනු වී තිබූ බවත් විරුදාවලි පිලිවෙල වෙනස් මුහුනුවරක් ගෙන තිබෙන බවත් පැහැදිලිව පෙනේ. කෝට්ටේ කාලයේදී රාජසභාවේ විරුදාවලි ගැයුවේ සියල් සිව්වේ පිවිතුරුව දත් කසුන් හු ආභරණ විසිතුරුව පැලැඳගත් පරෙවි බමුනන් විසිනි. ස,අහර විට මේ විරුදාවලි සස්කෘත භාෂාවෙන් පමනක් බඳනා ලද ඒවා වන්නට ඇත. බමුනන් ගේ ප්‍රවේනි අයිතියක් වශයෙන් පවත්වගෙන ආ විරුදා වලි ගැයීම සීතාවක කාලයේදි පොදු ජනයා අතට පත්විය. එක් බසකින් පමනක් නොව වංස්කෘත, පලි, සිංහල හා දෙමල යන භාෂාවන්ගෙන් ප්‍රශක්ති ගී ගැයූ වන්ඳි භට්ටකයෝ සීතාවක රාජය සභාවෙහි සිටියහ. මෙසේ භාෂා කිහිපයකින් කවියන් කිහිප දෙනෙකු විසින් ගයනු ලැබූ මේ විරුදාවලි නිසා රාජසභාව කවිකාර මඩුවක් බවට පත්විය. සීතාවක රාජ සභාවෙන් ආරම්භ වූ මේ කවිකාර මඩුව වැඩි දියුනු වී මහනුවර කාලය වන විට වඩාත් පුලුල් වී කවිකාර මඩුවේ මොහන්දිරම් නිලයක්ද ඇති විය.
ගැමි කවියේ නැගීමත් කවිකොල කාරයින් බිහිවීමත් සීතාවක රාජයයේ කැපී ලෙනෙන ලක්ෂනයකි. මේ කවි කොල සඳහා මාතෘකාව වූවේ සමාජයේ යම් යම් සිද්දීන්ය. බලාපොරොත්තු රහිතව සිදුවන ජල ගැලීම්ය, භූමි කම්පාය, නායයෑම්ය, කලකෝලාහලය නැතහොත් යම් යම් පුද්ගලයන්ගේ ජීවිත ප්‍රවෘතීන්ය. මෙවැනි සිද්ධියක් මුල් කර රචිත කවි පෙලක් මහජනයා රැස්වන ස්ථාන වල ප්‍රසිද්ධියේ හඬ නගා කියවා අදාල මාතෘකවට ප්‍රසිද්ධියක් ලබ දීම මේ කවිකොල කාරයින්ගේ සිරිතය. අද මෙන් මුදල් ඉපැයීමේ අදහසක් එදා සමජයේ නොවීය. සීතාවක රාජයයේ මහ අතපත්තුවේ දොලොස් හමුදාව භාරව සිටි අතපත්තුවේ ආරච්චි අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් අපහාසයට ලක් කිරීමේ අදහසින් උපහාසාත්මක කවි ලියා සිතාවක සැම වීදියකම ප්‍රසිද්ධියේ කියවීමට සැලැස්වීමේ පුවතක් රාජාවලියේ සඳහන් වේ. මේ සදහා සිව්පද රාශියක් බඳනා ලද බව “සැම සිව් පදම” යන රාජාවලි පාථයෙන් පෙනේ. මේ කවි සියල්ල අද අප අතට පත්ව නැතත් අද ජනවහරේ පවතින
අතුරු මිතුරු දඹ දිව තුරු – රාජ කපුරු හෙට්ටියා
වරා ගහක් දිටින් බොලන් – වරා ගහට ගිහින් බොලන්
යන සැහැල්ල එදා අතපත්තු ආරච්චි ප්‍රබන්ද කල කවි පන්තියෙන් එකක් බව සැලකිය හැකිය. අවුරුදු 450ක් පමන කාලයක් ජනවහරේ පැවති නිසා පුද්ගලයාගෙන් පුද්ගලයටත් ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් සුළු සුළු වෙනස් කම් සහිතව අප අතට පත්වීම පුදුමයක් නොවේ. එදා ආරම්භකල කවිකොල රචනා කිරීම කෙබඳු තත්වයක පැවතුනේද කුමන පරමාර්ථයක් පෙර දැරි කරගෙන රචනා කිරෙනිද යන්න අවබෝද කර ගැනීමටත් මේ ජනකවිය විනාශ නොවී අප අතට පත්ව තිබීම වාසනාවකි.
– පොත පත ඇසුරෙනි
