මායාදුන්නේ සහ රාජසිංහ යන රජවරු ඔවුන්ගේ මුලු රාජ්‍ය කාලයේදී යුද්ධ කටයුතු සදහාම කාලය ගතකල හෙයින් සාමකාමී පාලන අවධියක් ගත කිරීමට වාසනාව නොලද්දෝය. පැරණි රජවරුන් මෙන් අභිෂේක මංගල්‍ය පවත්වා සේවක පිරිසට තාන්න මාන්න දීමට තරම් සුදුසු වාතාවරනයක් කිසිදාක උදා නොවුනි. මෙනිසා මේකාලයේදී ප්‍රධානය කරන ලද රාජ්‍ය දීමනා හදිස්සියේ කරන ලද ඒවා විය. සමහර විටක පුකොලයක සටහන් කරන ලද ලියවිල්ලකින් හෝ කට වචනයෙන් හෝ මේ ප්‍රධාන කරන ලද නිසා පසු කාලයේදී ඒවායේ මුල් පිටපත් සපයා ගැනීමට අපහසු විය. මෙවැනි ප්‍රධානයන් බොහොමයක් සම්බන්දයෙන් අපට අසන්නට ලැබෙන්නේ ජනවහර ඇසුරෙනි. වීදියේ බංඩාර උඩරට රජුගේ ආධාර ඇතිව සතර කෝරලයේ කැරළි ඇති කල අවස්ථාවේ ඒ මැඬ පැවත්වීමට යවන ලද සීතාවක සේනාවේ නායකත්ව්ය දරන ලද්දේ ලාබල වියේ සිටි ටිකිරි රජ්ජුරු බන්ඩරය. මේ අවස්ථාවේ සතර කොරලයේ ජනතාවගෙන් ලැබුන සහයෝගයට පැහැදුන මායාදුන්නේ රජු “අතිවිශ්වාස ජයවර්ධන සතර කෝරලය” යන නාමය ප්‍රධානය කරන ලදී. මේම ප්‍රධානය සම්බන්දව සතර කෝරලයේ විත්ති පොත් බොහොමයක සහහන් වේ. මේ පොත් බොහොමයක සතර කෝරලයට මාන්න පසක් ලැබුනු බව
මේලකුනු වලට මැදිරට පෙර නන් කලේ
අතිවිශ්වාස ජයවද්දන නම පත ලේ
පසක් මාන ලක් දස්කම් පා එක ලේ
පසක් අතුරු රට ඇති සතර කෝර ලේ
යන ලෙසින් පැවසේ. මේ මාන්න අතරින්, රතු කොඩිය හෙවත් සවරං කොඩිය “කප්පා ගොඩ මුදියන්සේ” විසින් මිනීමරු කිඹුලෙකු මෙල්ල කිරීම නිසාද, දවුණ්ඩය කොඩිය අළුත් නුවර අටුගෙදර නිළමේ නම් යුධ සෙබලා විසින්ද, පච්චලාසය “හිඟුලේ” විසූ යුධ ශූරයෙකු විසින්ද පලමු වැනි රාජසිංහ රජුගෙන් ලබන ලද නම්බුනාමයන්ය.
– පොත පත ඇසුරෙනි
