සීතාවක යුගය සාහිත්‍යමය අඳුරු යුගයක් බව සමහර විචාරකයෝ ප්‍රකාශ කරති. මෙම මතය ප්‍රකාශ කරන්නේ සීතාවක යුගයේ සහිත්‍ය කෘති හඳුනා නොගත් හා යුගයේ පසුබින හඳුනා නොගත් අය බව සීතාවක යුගයේ සහිත්‍ය ප්‍රබෝධය හමුවේ අපට අවබෝධ වේ. කෝට්ටේ යුගය සහිත්‍ය ප්‍රබෝධයක් ඇති වුවද වීදාගම මෛත්‍රී හිමියන්ගේ හංස සංදේශයෙන් පසු වටිනා නිර්මාණයක්බිහිවී නැත. එසේම “මහා වංශය” “මන්දාරම් පුවත” “සුළු රාජාවලිය” වැනි රාජසිංහ විරෝධී මුලාංශ්‍ර රාජසිහයෝ වෙහෙර විහාර මෙන්ම පොත් පත්ද කඳුවෙන් ගොඩ ගසා ගිනි තැබූ බවට අසත්‍ය කරුනු ඉදිරිපත් කර ඇත. එම අසත්‍ය මත පිලිගත් විචාරකයෝ සීතාවක යුගය සාහිත්‍ය අදුරු යුගයක් ලෙස හඳුන්වති. එහෙත් පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අසිපතේ බලයෙන් ගොඩ නැංවූ සීතාවක රාජධානිය අනේක යුධ ගැ‍ටුම් මැද වුවද සාහිත්‍ය කෘති ගනනාවක් ලියැවුනු අමාවක අහසට නැගි සඳ සේ සාහිත්‍ය ලොව එලිය කල බව කිව හැකිය. සීතාවක  යුගයේ සාහිත්‍ය කරුවන් අතරින් පැහැදිලිව හඳු8න අගත හැකි  සාහිත්‍ය කරුවන් කිහිප දෙනෙකි.
1. මානියම්ගම විහාරවාසී සිටිනා මළුවේ ධර්මපාල හිමි.
රාජසිංහ රාජ්‍යකාලය.
2. හිස්වැල්ලේ ධර්මද්වජ පඬිතුමා
3. හිස්වැල්ලේ අලගියවන්න මුඛවැටිතුමා.
සැවුල් සංදේශය – කිසදා කව, සුභාශිතය – මුනිගුනරත්න මාලය- කුස්තන්තීනු හටන
4. දෙනවක අත්තන්හාරී හබය අලහප්පෙරුම විජේවර්ධන මුදලි
සීතාවක හටන