අපගේ දේශීය සටන් ශිල්පය ප්‍රධාන ලෙසට කොටස් තුනකට වෙන් කර දක්වන්නට හදාරන්නන් කැමති වේ. එනම් අංගම්, ඉලංගම්, හා මායා අංගම් ලෙසටය. අංගම් ලෙසට ගැනෙන්නේ නිරායුධව සතුරාගේ නිලවලට දෑතින් පහර දීම ඔස්සේ ඔහුව මැඬලීම ලෙසට ගැනෙන අතර ඉලංගම් වලදී කඩුව හෙල්ල මුගුරකෙටේරි, යගදා, දුණු ඊතල ආදිය යොදා ගැනීම සිදු කරයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ සීතාවක සෙබලුන් දක්ෂ ගුරුවරුන් යටතේ නිරන්තරයෙන් මෙම අවි පුහුනුව කල බවත් සීතාවක රාජසිංහ, වීදිය බංඩාර, විමලධර්මසූරිය වැනි දක්ශ නායකයින් මෙම ලා පෙරමුනේ සිටි බවත්ය. මායා අංගම් වලදී ගුප්ත විද්‍යාව එනම් යන්ත්‍රමන්ත්‍ර භාවිතාකරමින් සතුරා මර්ධනය සදහා කටයුතු කල බවට කිය වෙන අතර අනවින හදිහූනියම් මෙහිදී භාවිතා වූ බවටත් පැහැදිලි වේ.පෙර කී දක්ශ සටන් කරුවන් අතරින් අති දක්ශ සටන් කරුවන් යොදා ගෙන විශේෂ හමුදා නිර්මානය සිදුව ඇති අතර ඔවුන්ව අතපත්තු හමුදාව ලෙසට නම් කරමින් ප්‍රභූ ආරක්ශාව වැනි විශේෂ කටයුතු සදහා යොදා ගත් බවටත් පෙන්වා දේ.
කොලඹ කො‍ටුව වැටලීම සදහා 2200කින් යුත් යුධ අලි ඇතුන් යොදා ගත් බවට පිලි ගැනෙන අතර සීතාවක යුධ පෙරමුනේ මෙම අංගය නිරන්තරයෙන් භාවිතා වූ බවට පෙන්වා දේ. සත්ව සම්හා ලෝහයෙන් කල  ආවර්නයන්ගේන් යුත් මෙම අලි ඇතුන් ගේ දල වලට කොපු යොදා ආරක්ශා කර ඇති අතර දම්වැල් යගදා දැව කඳන් වැනි භාවිතයෙන් සාර්ථකව සතුරා මැඩලීමට මෙම අලි ඇතුන් යොද අගන්නට ඇති බවයි එම හදාරන්නන්ගේ මතය වන්නේ.