බටහිර ජාතීන් සමග යුධ වැදීමේදී ගිනි අවි පිලිබන්දව වැඩි අවධානයක් යොමු කරන ලදී. ඉන්දීය සික් ජාතික ඉන්ජිනේරුවරුන් හා ලාංකික ඉන්ජිනේරුවන්ගේ තාක්ශනයෙන්ද සැදෑ ඉතා ශක්තිමත් අත්තුවක්කු, කොඩිතුවක්කු හා කාලතුවක්කු පිලිබද යුරෝපීය යුධ අවි විශේෂඥයෝ ද වර්නාකර ඇත. රාජසිංහ රජතුමාද දක්ෂ වෙඩික්කරුවෙකි. දිනක් අඹතලේ බලකොටුවේ සිටියදී කැළණි ගඟේ ආ පෘතුගීසී යාත්‍රාවක් රජතුමාම වෙඩි තබා විනාශ කර ඇත. කොළඹ කොටුව වැටලිමේදී දහස් ගනනක් අත් තුවක්කු මෙන්ම කාලතුවක්කු 150ක්ද කාලතුවක්කු වෙඩික්කරුවන් හාරසීයක්ද සිටි බව සඳහන් වෙයි.
රාජසිංහ රජතුමාගේ කොළඹ කොටුව වැටලිම් සාර්ථක වීමට නවික හමුදාවක් නොමැතිවීම ප්‍රබල හේතුවක් විය. කැලිකට් හි සැමෝරියන් සහයෙන් දේශීය ඉන්ජිනේරුවන් යුධ නැවු නිර්මාණය කල අතර දෙවන වර කොළඹ කොටුව වැටලීමේදී යුධ නැවු හතරක් මධ්‍යම යාත්‍රා 65ක් සහ බෝට්‍ටු 400 නාවික හමුදාවක් යොදාගත් බව සදහන්ය. මෙම නැව් පෘතුගිසි නැව් සමග නාවික සටන් වලටද යොමුවීමෙන් පෙනෙන්නේ සීතාවක නැව් හමුදාවේ ශක්තිමථ් භාවයයි. මීට අමතරව යුධ හමුදාව යුධමය වශයෙන් වැදගත් ස්ථාවල බලකොටු ඉදිකලහ. සතුරු ආක්‍රමන වලින් ආරක්ශවීම මෙන්ම හමුදාවට අවශ්‍ය භාන්ඩ රැස්කර තබා ගැනීමටද මෙම බල කොටුව වැදගත් විය. මුලින්ම තරාල, කනම්පැල්ල, අකරවිට, ගිරාඉඹුල, ගුරුබෑවුල අදී ප්‍රදේශවල ආරක්ශිත කඳවුරු ඉදිකල රාජසිංහයෝ පසුව මල්වාන කඩුවෙල රග්ගහ වත්ත හේවා ගම, අඹතලේ ආදි ප්‍රදේශවල ශක්තිමත් බලකොටු ඉදිකර සතුරු ආක්‍රමනය මර්ධනය කලහ. සීතාවක යුධ හමුදාවේ සංවිධානාත්මක බව පෙන්වීමට හොඳම අවස්ථාව ක්‍රි.ව. 1587 ජුනි මස 4 වෙනිදා කොළඹ කොටුව වටලෑමයි. මෙම වැටලීමට අදාලව භාවිතාවූ මිනිස් හ යුධ උපකරන හා අලිඇතුන් පිලිබඳ වාර්ථාව කූතෝවාර්ථාව ලෙසින් නම් වේ.
